පිරිමින්ට සහ කාන්තාවන්ට සහකාරියන් හෝ සහකරුවන් සොයා ගැනීමට සහය වන බෞද්ධ පන්සලක්

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee
- Author, ජේක් ක්වෝන්
- Role, සෝල් වාර්තාකරු
- වාර්තාකරණය, ඩොංවාසා විහාරය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
අඳුරු තැඹිලි පැහැති වස්ත්‍රවලින් සැරසුණු භික්ෂුවක් තරුණ තරුණියන් පිරිසක් ඉදිරිපිටට පැමිණ ඔවුන් තම රට බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බව පවසයි. ඒ, සහකරුවෙකු සොයාගෙන යම් දිනක දරුවන් වැදීමෙනි.
ඊට සහභාගි වී සිටින්නන් සිනාසෙමින්, තම අනාගත සහකරුවන්ගේ නොසන්සුන් බැල්මක් සොරා ගනිමින් සිටිති.
මෙය නව ජනප්‍රිය රියැලිටි වැඩසටහනක ආරම්භය නොවේ. මෙය දකුණු කොරියාවේ සශ්‍රීක හරිත පැහැයෙන් යුත් පැල්ගොංසන් කන්දේ පිහිටා ඇති 8 වන සියවසේ බෞද්ධ විහාරස්ථානයක පවත්වනු ලබන පෙම්වතුන් එකතු කරන අවස්ථාවකි.
එය පැය 30ක කාලයක් පුරා පැවැත්වෙන අතර, එයට අඛණ්ඩව සිදුවන ක්‍රියාකාරකම් සහ අමිහිරි අවස්ථාවන් රැසක් ඇතුළත් වන අතර, ඒ සියලු බාධක බිඳ දමා ආදරය සොයා ගැනීමේ උත්සහයේ කොටසක් ලෙස එය සිදු වේ.
"අපේ රට ප්‍රශ්නයක සිටින සෑම විට ම මුල් ම පියවර තියන්නේ බෞද්ධයන්" යැයි සත්කාරක යූ චියොල්-ජු පවසයි. 1500 ගණන්වල ජපන් ආක්රමණිකයින්ට එරෙහිව කොරියාව ආරක්ෂා කිරීම සඳහා ඩොන්ග්වාසා පන්සල භික්ෂු සොල්දාදුවන් සඳහා කඳවුරක් ලෙස භාවිත කළ අවස්ථාව ගැන සඳහන් කරයි.
එහෙත්, මෙවර තර්ජනය ඇත්තේ, විදෙස් රටකින් නොවේ.
"ළදරු උපත් අනුපාතය අඩුවීම ජාතික අර්බුදයක්. ඒ සම්බන්ධයෙන් අපට යමක් කරන්න සිද්ධ වුණා," යැයි යූ පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee
රටේ ආර්ථිකය ඉහළ යමින් පවතිද්දී, ලෝකයේ වෙනත් රටවල මෙන්, දකුණු කොරියාවේ ද ළදරු උපත් පහත වැටී තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2023 වසරේදී, දකුණු කොරියානු කාන්තාවකගේ ජීවිත කාලය තුළ සිටින සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව හෙවත් සම්පූර්ණ සශ්‍රීකත්ව අනුපාතය, ඓතිහාසික අවම අගයක් වන 0.72 දක්වා පහත වැටිණි, එය ආදේශන අනුපාතය වන 2.1ට වඩා බෙහෙවින් අඩු අගයකි.
ඇතැම්හු ගෘහස්ත වියදම් ඉහළ යාම සහ ළමාරක්ෂණ සඳහා මූල්‍ය ආධාර නොමැතිකම සම්බන්ධයෙන් දොස් පවරති. තවත් සමහරු පවසන්නේ, කාන්තාවන් වෘත්තීන්ට ප්‍රමුඛත්වය දෙන බව ය, නැතහොත් දැන් දරුවන් බිහි කිරීම තෝරා ගැනීමක් ලෙස ක්‍රියාත්මක වන බවකි.
නමුත් දකුණු කොරියානු තරුණ තරුණියන් පෙරට වඩා පෙම් සබඳතා පැවැත්වීම අඩු කරමින් සිටින බව අධ්‍යයනවලින් පෙනී යයි. ඇතැම්හු තනිකඩව සිටීමට තෝරා ගත්ත ද, බොහෝ දෙනෙකු සහකරුවන් හමුවීමට අරගල කරන අතර එමගින් විවාහ අනුපාතය පහත වැටේ.
රජය දිගු දෙමාපිය නිවාඩු, ළදරුවන් සඳහා මුදල් ප්‍රසාද දීමනා සහ අලුත විවාහ වූවන් සඳහා සහනාධාර සහිත මහල් නිවාස පිරිනැමීම ආරම්භ කර තිබේ.
පළාත් පාලන ආයතන සහ සිවිල් කණ්ඩායම් තවත් පියවරක් ඉදිරියට තබා ඇති අතර, ඩොන්ග්වාසා පන්සලේ මෙවැනි රාජ්‍ය අනුග්‍රහය ලත් විවාහ මංගල්‍ය උත්සව සංවිධානය කර ඇත.
ඒවා ඔබ සිතනවාට වඩා බොහෝ විනෝදජනක ය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee
'සන්යේජි' (Sunhyeji) යන බෞද්ධ නාමයෙන් හැඳින්වෙන කිම් ආ-ක්යුං (Kim Ah-kyung), මුලින්ම පැමිණි අයගෙන් කෙනෙකි.
උද්යෝගිමත් 28 හැවිරිදි ඇය විහාර පරිශ්‍රයේ ඇති බංගලාවක ආලින්දයේ අසුන්ගෙන, කාමරය වෙත පැමිණෙමින් සිටින අනෙකුත් කාන්තාවන්ට ආචාර කරයි.
විවාහය සහ දරුවන් ගැන ඔවුන් කොතරම් බැරෑරුම්ව සිතන්නේ ද යන්න තක්සේරු කිරීම සඳහා ප්‍රශ්නාවලියක් සහ සෙල්ෆි වීඩියෝ ඇතුළත් ඇදහිය නොහැකි තරම් තරගකාරී තේරීම් ක්‍රියාවලියක් හරහා ඔවුන් සියලු දෙනා ම සමත් වී ඇත. ඔවුන්ගේ ආගමික ඇදහිලි නොසලකා සැමට විවෘත වූ මෙම අවස්ථාවට සහභාගී වී සිටින්නේ, තවත් 1,580කට වඩා වැඩි පිරිසක් අභිබවා යමිනි.
ගිනිකොණදිග පළාත්වල කාර්යාල රැකියාවක් සඳහා සෝල් කලාපයෙන් පිටව ගිය පසු, සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට 'සන්යේජි' උත්සහ කළා ය.
"පිරිමින් හමුවීමට ඇත්තට ම මට අවස්ථාවක් නැහැ," ඇය පවසයි. "මම ගමන තියෙන්නේ රැකියාව සහ නිවස අතර පමණයි. මට විනෝදාංශයක් නැහැ." ඇගේ කාර්යාලයේ, සෑම කෙනෙකු ම බොහෝ වයස්ගත බව ඇය තවදුරටත් පවසයි.
දකුණු කොරියාවේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම දුෂ්කර කටයුත්තකි.
සාමාන්‍යයෙන් මිනිසුන් ආදර සහකරුවන් හමුවන්නේ පාසල, රැකියාව හෝ සමාජ මාධ්‍ය හරහා ය: මිතුරන් හෝ පවුලේ අය විසින් සැලසුම් කරන හමුවීම් (blind dates) සිදුවන අතර එසේ නොකළහොත්, විශාල නගරවල කුඩා කතා දුර්ලභ ය. මත්පැන් පානය අඩු වී ඇත. පෙම්වතුන්ගේ ඇප් කිසි විටෙකත් සැබවින් ම සාර්ථක වූයේ නැත. වසර ගණනාවක අසාර්ථක උත්සහයන්ගෙන් පසුව, 2015 දී, තරුණයින් වඩා හොඳින් ආකර්ෂණය කිරීම සඳහා Tinder මිතුරන් සොයා ගැනීමේ යෙදුමක් ලෙස අලෙවිකරණය ආරම්භ කළේ ය.
එන්යෝ නමින් හඳුන්වන 30 හැවිරිදි ක්වොන් සෙයුං-ඕ, ඉන්ටර්නෙට් හරහා ආගන්තුකයෙකු හමුවීමේ අදහස ක්‍රියාත්මක කිරීමට සැමවිට ම පසුබට වී ඇත.
ඔහුගේ මිතුරන් ඔහුව 10 වතාවක් පමණ හදිසි හමුවීම් සඳහා යොමු කළ නමුත්, ඒ සියල්ල කිසිදා සිදු නොවූ නොගැඹුරු අන්තර්ක්‍රියා බව ඔහුට පෙනී ගියේ ය. තව ද ඩේගු නගරයෙන් පිටත විශාල කිරි කර්මාන්ත ශාලාවක ඔහුගේ සම සේවකයින්ගෙන් 97%ක් පිරිමින් ය.
ඒ අනුව, ඔහු ද දැන් ඩොංවාසා වෙත පැමිණ සිටී.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee
කාන්තාවන් එහි පැමිණෙන විට, ඔවුන්ගේ අනාගත පෙම්වතුන් ඔවුන් හමුවීමට අපේක්ෂා කරන අතර, ඔවුන්ගේ ගමන් මලු කාමරවලට රැගෙන යාමට සහය වීමට ඉදිරිපත් වෙති.
එන්යෝ ගැළපෙන කෙනෙක් සොයා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටී. දවසේ පළමු ක්‍රියාකාරකම වන හඳුන්වාදීමේ වටය අතරතුර ඔහු තමා විසින් ම සාදන ලද ප්‍රංශ පේස්ට්‍රි බෙදා දෙන අතර, ඉන් ඔහුට සෙසු පුද්ගලයින්ගෙන් ස්තුතිය හිමි වෙයි.
ඊට පසු පළමු හමුවීමට කාලය යි. සන්යේජි සහ 32 හැවිරිදි ආචාරශීලී සිවිල් සේවකයෙකු වන මින්හෝ සමග එක්ව සිටී. ඔවුන් දෙදෙනා පන්සල වටා ඇති වනාන්තර මාර්ගය හරහා ඇවිද යන අතර, පෞද්ගලික සංවාදයක නිරත වෙති.
පසුව, දිවා ආහාර හමුවකදී දැන හඳුනා ගැනීමට කැමති කාන්තාවට ප්ලාස්ටික් රෝස මලක් ලබා දෙන ලෙස පිරිමින්ගෙන් ඉල්ලා සිටී. මින්හෝ තමාට ගැළපෙන මෘදු හැසිරීමක් ඇති 28 හැවිරිදි රූබි නම් නිර්මාණ ශිල්පිනිය තෝරා ගනී.
දිවා ආහාරය ගෙන අවසන් වන තුරු ම ආචාරශීලී සිනහවක් සහ සිහින් හඬින් කරන සිනාසීම් තිබිණි. යුවළ එකිනෙකාගේ විනෝදාංශ, රැකියා සහ ප්‍රියතම වැඩසටහන් ගැන කතාබහ කරයි. සංවාදය ගලා යන අතර සෑම කෙනෙක් ම එකිනෙකාට විවෘතව අදහස් දක්වති.
ආහාර ගැනීමෙන් අනතුරුව පිඟන් සෝදා පිරිසිදු කිරීම සඳහා සින්ක් එක අසල රැස්ව සිටින විට, ඔවුන් පෙරට වඩා එකිනෙකාට සමීපව සිටගෙන සිටිනු ඔබට දැකගත හැකි ය.
නමුත් අපි දවසේ අපහසු, අවුල්සහගත උච්චතම අවස්ථාවට ළඟා වන විට ඒ සියල්ල උඩු යටිකුරු වේ: එම අවස්ථාව වන්නේ, දක්ෂතා ප්‍රදර්ශනය යි.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee
මින්හෝ පළමුව ඉදිරිපත් කරයි. 2Pm කණ්ඩායමේ ජනප්‍රිය ගීතයක් වන My House ගීතයේ පියවර සිහිපත් කරමින් ප්‍රවේශමෙන් ගමන් කරන්නේ, "මට ඔබව මගේ නිවසට ගෙන යාමට අවශ්‍ය යි" (I wanna take you to my house) යන ගීතයේ තාලයට ය.
සන්යේජි නව පොප් ජනප්‍රිය ගීතයක් වන Catch Catch සඳහා වෙහෙස නොබලා කැපවන අතර, එන්යෝ බැලඩ් එකක් ගායනා කරයි. රූබි ඇගේ ස්පාඤ්ඤ භාෂා කුසලතා පෙන්වයි. එක් කාන්තාවක් KPop Demon Hunters හි ගීතයක් වාදනය කිරීමට බට නළාවක් වාදනය කරයි.
නොනවතින ක්‍රියාකාරකම් නිසා සහභාගිවන්නෝ වෙහෙසට පත් වෙති.
කිසිවෙකු ඇත්තට ම පානය නොකරන ග්‍රීන් ටී සමග වේගවත් කතාබහ කිරීමේ වටයක් ආරම්භ වීමට පෙර විවේකයක් ගැනීමට ඇත්තේ මිනිත්තු කිහිපයක් පමණි.
ඉන්පසු, තම රාත්‍රී භෝජන හමුව සඳහා පිරිමියෙකු තෝරා ගැනීමේ වාරය කාන්තාවන්ට හිමි වෙයි.
සන්යේජි ඇය අතැති රෝස මල මින්හෝට ලබා දෙන අතර, එය රූබිගේ දැඩි නොසතුටට හේතු වේ. කිසිදු කාන්තාවකගේ තේරීම බවට පත් නොවන එන්යෝට, යුගල වශයෙන් තෝරා නොගැනුණු අනෙක් අය සමග රාත්‍රී ආහාරය ගැනීමට සිදුවේ.
අවසාන වශයෙන්, දිනය අවසන් කිරීම සඳහා, ජ්‍යෙෂ්ඨ භික්ෂුවක් ජාතික ගීය ගායනා කිරීමට පෙර, සහභාගි වන්නන්ට දරුවන් බිහි කිරීමේ යුතුකම මතක් කර දෙමින් උද්යෝගිමත් කතාවක් පවත්වයි.
දේශප්‍රේමී යුතුකමට වඩා තම ආදර ඉරණම ගැන සැලකිලිමත් වන තනිකඩ පුද්ගලයින්, ගී පද මුමුණති.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee
කොරියානු බලධාරීන් 2000 දශකයේ මුල් භාගයේ සිට පෙම් සබඳතා ඇති කර ගැනීමේ උත්සව සංවිධානය කර ඇත.
2006 සිට ඩොලර් බිලියන 250ක් පමණ වැය කර ඇති රජයේ ළදරු-වර්ධන වැඩසටහන් සමග ක්‍රියාත්මක කරන ලද මෙම උත්සහයන් නොතකා, උපත් අනුපාතය වසර ගණනාවක් තිස්සේ පහත වැටිණි.
එනම්, එම සංඛ්‍යා ඉහළ යාමට පටන් ගත් 2024 වසර දක්වා ය. මෙවර, කාන්තාවන් එක් අයෙකුට සාමාන්‍යයෙන් දරුවන් 1.0 බැගින් සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය 2025 වසරේ පැවති 0.8ක අගයට වඩා වැඩි වීමකි.
මෙය රජයේ උත්සහයන්වල ඍජු ප්‍රතිඵලයක් ද යන්න පැහැදිලි නැත. වසංගතය නිසා විවාහ සහ දරු උපත් ප්‍රමාද වීම සහ බේබි බූමර් පරම්පරාවට උපත ලැබූ විශාල පරම්පරාවක් තමන්ගේ ම දරුවන් සිටින වයසට පැමිණීම මෙයට හේතු වී ඇති බව නිලධාරීහු සිතති.
නමුත් ආකල්පවල ද වෙනසක් සිදුවිය හැකි ය. මාර්තු මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ අවිවාහක පුද්ගලයින් විවාහයට සහ දරුවන් ලැබීමට වසර දෙකකට පෙර සිටි අය හා සසඳන විට 10%කට ආසන්න ප්‍රමාණයක් කැමැත්තක් දක්වන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee
මෙය පන්සලේ සිටින සමහර කාන්තාවන්ට අදාළ වන අතර, ඔවුන් පවසන්නේ මිතුරන් විවාහ වී දරුවන් සිටින ආකාරය පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් වැඩි වැඩියෙන් දකින බව ය.
This chimes with some of the women at the temple, who say they have been seeing more and more social media posts of friends tying the knot and having babies.
සවස් කාලය වන විට, හඳුනාගැනීමේ අවසන් වටයක් ඉතිරිව තිබියදී, කණ්ඩායමේ ශක්තිය අවසන් වෙමින් පවතී.
සත්කාරක යූ, අවධාරණය කරන්නේ, ගැළපෙන කෙනෙකු සොයා ගැනීමට තව බොහෝ කාලයක් ඉතිරිව ඇති බව ය.
රාත්‍රී 10:00ට නින්දට යාම හුදෙක් යෝජනාවක් පමණක් බව ඔහු තවදුරටත් පවසයි. රාත්‍රිය "විස්මයන්ගෙන් පිරී" පැවතිය හැකි ය.
ඔහු නිවැරදි බව ඔප්පු කිරීමට මෙන්, උත්සව සංවිධායකවරියක සහභාගිවන්නෙකු සමග ඇගේ අවස්ථාවන් ලබා ගනී. ඇයට පෙම්වතෙක් සිටින බව ඇය පිළිගනී, නමුත් එම සම්බන්ධතාව කෙසේ හෝ බිඳ වැටෙන බව පවසයි.
රූබි අවසානයේ මින්හෝ සමග ඇවිදීමට යයි. සන්යේජි වෙහෙසට පත්ව සිටින බව පෙනේ.
සහකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ එන්යෝ සහ අනෙක් අය වෙන් වෙන්ව පිටතට යති..

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Hosu Lee
පසුදා උදෑසන, සෑම කෙනෙකු ම විහිළු කරමින් හා කතාබස් කරමින් සිටින අතර, ඔවුන් තම අවසාන තේරීම් කෙටි පණිවිඩයක් මගින් යූ වෙත ඉදිරිපත් කරයි.
හමුව අවසන් වන විට, යුවල 8ක් නිර්මාණය වී ඇති අතර, උත්සව කාර්ය මණ්ඩලය සහ සහභාගිවන්නන් අතර තරග දෙකක් ද පවත්වයි. පසුව කණ්ඩායම අවසාන ඡායාරූපයක් සඳහා රැස්වේ.
තමන්ට ගැලපෙන සහකරුවෙකු හමු නොවීම පිළිබඳව කලකිරීමෙන් සිටින එන්යෝ ඔහේ බලාගෙන සිටී. නමුත් ඔහු උත්සහය අත්හැරියේ නැත. "ආයෙත් එන්න දුන්නොත්" නැවත උත්සහ කරන්න සූදානම් බව ඔහු කියයි.
සන්යේජි ප්‍රීතියෙන් කෑ ගැසුවා ය. ඇය ඇගේ කාමරයේ අනෙකුත් කාන්තාවන් සමග ඕපාදූප කියමින් අලුයම 03:00 වන තෙක් අවදිව සිටියා ය. "මට ගොඩක් යාළුවෝ හම්බවුණා!" ඇය කෑගසමින්, උදේ ආහාරය එකට ගැනීමේ සැලැස්මක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසුවා ය.
ඇයට එම අත්දැකීම විනෝදජනක නින්දක් වැනි වූ අතර, ඉන් ඇයට නැවතත් යොවුන් වියේ පසුවන බවක් දැනෙන්නට සැලැස්වීය. නිර්භීත තීරණ ගැනීමට තිබූ බිය අතුරුදන් විය.
පෙම්වතියක නැති පිරිමින් ඊට එකඟ වෙති. ඔවුන් දිගට ම එකට කාලය ගත කරන නමුත්, දැන් මේසය මත මත්පැන් සහ මස් ද තිබෙයි.
සියලු දෙනා ම පන්සලෙන් පිටව යන්නේ සහකරුවෙකු සමග නොවේ.
නමුත් සෑම කෙනෙකු ම පාහේ පිටව යන්නේ ඔවුන්ට කලින් නොතිබූ දෙයක් සමගිනි: ඒ, නව මිතුරන් සහ නැවුම් විශ්වාසය යි.
































