BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • Thushara Upuldeniya

    'CID අධ්‍යක්ෂ සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා තුෂාර උපුල්දෙණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා' - මානව හිමිකම් කොමිසම

    අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම නිසි කාර්ය පාටිපාටිය අනුව සිදුකර නොමැති බැවින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත. එමෙන් ම බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩ තහනමට ලක් කර ඇත්තේ, නිසි ක්‍රියා පාටිපාටිය අනුව නොවන බව ද මානව හිමිකම් කොමිසම සිය නිර්දේශ ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.

  • Two "cocaine hippos" are pictured in the wild, in a lake near the Hacienda Napoles theme park, once the private zoo of drug lord Pablo Escobar, in Doradal, Colombia, on 19 April 2023. They both have their mouth open and seem to be yawning at each other. 2023 අප්‍රේල් 19 වන දින කොලොම්බියාවේ ඩොරඩාල් හි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැබ්ලෝ එස්කොබාර්ගේ පෞද්ගලික සත්වෝද්‍යානය වූ හසෙන්ඩා නැපෝල්ස් උද්‍යානය අසල වනයේ පිහිටි විලක සිටින "කොකේන් හිපපෝටේමස්" සත්වයින් දෙදෙනෙකු ඡායාරූපයට නගා ඇත.

    පැබ්ලෝ එස්කොබාර්: 'කොකේන් හිපපොටේමස්ලා' මරා දැමීමට කොලොම්බියාවට අවශ්‍ය වී ඇත්තේ ඇයි?

    පැබ්ලෝ එස්කොබාර් යනු කොලොම්බියාව වසර 30කට වැඩි කාලයක් තිස්සේ අමතක කිරීමට උත්සහ කරන නමකි. ලොව මෙතෙක් සිටි වඩාත් ම කුප්‍රකට අපරාධකරුවන්ගෙන් කෙනෙකු වූ ඔහු 1980 ගණන්වල කුප්‍රකට මෙඩලින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිර්මාතෘවරයා වූ අතර වරක් ලෝකයේ ධනවත් ම පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස විශ්වාස කෙරිණි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා නිර්මාණය කළ ගැටලුවලට අමතරව, පාරිසරික ගැටලුවක් ද නිර්මාණය කළේ ය. 1980 ගණන්වල ඔහු තම පෞද්ගලික සත්වෝද්‍යානය සඳහා ගෙන ආ හිපපොටේමස් සත්වයින් බෝවෙමින් රටේ ප්‍රධාන ගංගාවක් වන මැග්ඩලීනා ගඟ ඔස්සේ අධික ලෙස ව්‍යාප්ත වී ගොස් තිබේ.

  • Group of women

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගැන නව සංගණනයෙන් හෙළි වන සුවිශේෂී කරුණු 6ක්

    ආර්ථික වශයෙන් අක්‍රිය කාන්තාවන්ගෙන් 51%ක් පමණ දළ දේශීය නිෂ්පාදිතයට ගණන් නොගන්නා පූර්ණ කාලීන නිවසේ වගකීම් සහ ළමා හා වැඩිහිටි රැකවරණ කටයුතුවල නිරත වෙති. ශ්‍රම බලකායේ කාන්තාවන් බොහෝ විට ඉහළ අධ්‍යාපනයක් සහ කුසලතා ඇති අය වුව ද, ඔවුන් තවමත් නායකත්ව තනතුරු කරා ළඟා වීමට හෝ ව්‍යාපාර හිමිකරුවන් වීමට ඇති ඉඩකඩ අඩු බව මෙම වාර්තාවේ දත්තවලින් පෙනී යන්නකි.

  • විදුලිය, අන්තර්ජාලය මාර්ගගත ක්‍රමයට පාලනය කළ හැකි උපාංගයක් හසුරුවන පුද්ගලයෙකු

    රාත්‍රි නින්දට යාමට පෙර Wi-Fi සහ ජංගම දුරකතනයේ ඉන්ටර්නෙට් සබඳතා ක්‍රියා විරහිත කළ යුතු ද?

    යම් අයෙකු විනෝදාස්වාදය හෝ රැකියාව සඳහා ජංගම දුරකතනය, ටැබ්ලටය, පරිගණකය හෝ ලැප්ටොප් පරිගණකය මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කර තිබේ නම්, රාත්‍රියේදී Wi-Fi රවුටරය ක්‍රියාත්මකව පැවතීමේ අවස්ථා වැඩි අතර, එසේ නම් Wi-Fi ක්‍රියාත්මක කර තැබීම අපගේ සෞඛ්‍යයට යම් බලපෑමක් ඇති කරයි ද? එය ක්‍රියා විරහිත ක‍ර තැබීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි වේ ද?

  • අර්චුනා වැටුප

    මන්ත්‍රී අර්චුනාගේ වැටුප: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් ඉතා අඩුවෙන් බදු ගෙවන්නේ ඇයි?

    සාමාන්‍ය ජනතාවගෙන් අධික ලෙස ආදායම් බදු අය කර ගන්නා තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉතා අඩු ආදායම් බද්දක් අය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ. මෙම කතාබහ නිර්මාණය වූයේ, පසුගිය අප්‍රේල් 08 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඔහුගේ මාසික වැටුප වෙනුවෙන් ලැබුණු වැටුප් ලේඛනය සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කිරීමත් සමග ය. ඔහුගේ වැටුප් විස්තර අනුව පෙනී යන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනෙන ආදායම් බද්ද ඉතා අඩු අගයක් ගන්නා බව ය.

කෙටි වීඩියෝ

  • පෘථිවියේ සිට කිලෝමීටර් 33ක් ඉහළදී මුදා හළ, සිල්ක් රෙද්දකින් ආවරණය කළ ශරීර ආකෘතියක්
  • ඉන්ෆ්ලුවෙන්සර් රෝබෝ යන්ත්‍රයක් වෝර්සෝ නගරයේ වල් ඌරන් එළවන අයුරු
  • වවුනියාවේ සංගීත සංදර්ශනයක් අතර පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක්
  • කට ඇරගෙන සිටින දුඹුරු පැහැති බල්ලෙකු සිටී.
  • අපගේ විශ්වයට අමතරව තවත් විශ්වයන් තිබෙනවා ද?
  • යළි පෘථිවියට පැමිණීමෙන් පසුව පළමු වරට තම සුරතල් සුනඛයා මුණගැසුණු ආටෙමිස් II ගගනගාමීයා
  • වයිරල් නර්තනයක් සමඟ මැතිවරණ ජයග්‍රහණය සමරන දේශපාලනඥයෙක්
  • හංගේරියාවේ දැවැන්ත මැතිවරණ ප්‍රතිඵලවලින් පසු, ජනතාව රාත්‍රි සාද පවත්වන අයුරු
  • ‘න්‍යෂ්ටික අවියක් තිබුණට කමක් නැහැ කියලා කියන පාප් කෙනෙකුට අපි කැමති නැහැ’
  • ‘මං හිතන්නේ ඉරානය ගොඩක් නරක තත්ත්වයක ඉන්නේ’ - ඩොනල්ඩ් ට්‍රම්ප්
  • පවුල් දෙකක් හිමිකම ඉල්ලා සිටින, මියගිය මවකගේ කුසෙන් බේරාගත් බිළිඳා
  • පොළොව යට සිරවී සිටි පතල් කම්කරුවෙකු, සති දෙකකට පසුව බේරා ගත් අයුරු

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • කේ.ඩී. ලාල්කාන්ත

    ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්‍රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය

    අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.

  • NDB Bank

    NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

    ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්‍රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

  • කොන්ඩම්

    කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?

    ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.

  • Person Holding QR Code Payment Card for Digital Transaction in Indian Village Store

    QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්

    ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

  • ශාරීරික දඬුවම්

    පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්

    පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ජනප්‍රිය ලිපි