පළමු පුද්ගලික අභ්‍යවකාශ යානය ගුවන් ගත කෙරේ

පළමු පුද්ගලික අභ්‍යවකාශ යානය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගම විසින් ලොව පළමු පුද්ගලික අභ්‍යවකාශ යානය ගුවන් ගත කෙරිණි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යළි භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා මෙම වාණිජ ගගන යානය යොදා ගැනීමට නියමිතයි.

ෆොලොරීඩාවේ කැනවරල් තුඩුවෙන් ගුවන් ගත කළ ෆෝල්කන් නවය රොකට්ටුවක් විසින් මකරා නමින් හැදින්වෙන යානය අභ්‍යවකාශ ගත කෙරිණ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යාම සඳහා එයට දින දෙකක් පමණ ගතවෙනු ඇතැයි ප්‍රකාශ වේ.