ඔබ ජීවත් වන කාලය දැනගමු

Life Expectancy

ලෝකය පුරා පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙමින් පවතී. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර 25කට ඉහත දී උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩිපුර ජීවත් වේ.

පහත ගණකයේ ඔබේ දත්ත ඇතුළත් කළ පසු, ඔබේ රටේ, සම වයසේ පසුවන කාන්තාවක හෝ පුරුෂයෙකුගේ ආයු කාලය මෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන කාලය ද දැනගත හැකිය.

ලොව සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය උපතේ සිට අවුරුදු 72 කි. පුරුෂයෙක් වසර 70 ක් සහ කාන්තාවක් වසර 75 ක් දක්වා ජීවත් විය හැකිය. නමුත්, මෙය වයස අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස, අවුරුදු 69 ක පුද්ගලයෙක් තවත් වසර 17 ක් පමණ ජීවත් විය හැක.

අපේක්ෂිත ආයු කාලය පෙන්වන ගණකය ඔබේ උපාංගයෙහි නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේනම්, මෙතැනින් යළි පිවිසෙන්න

අපේක්ෂිත ආයු කාලය ඔබේ වයස අනුව වෙනස් වන්නේ කෙසේද?

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට අනුව අපේක්ෂිත ආයු කාලය ගණනය කරනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත 'ද ග්ලෝබල් බර්ඩ්න් ඔෆ් ඩිසීස්' (The Global Burden of Disease) ආයතනය විසින් අපේක්ෂිත ආයු කාලය මනිනු ලබන්නේ යම් රටක විවිධ වයස්වල සිටින පුද්ගලයන්ගේ මරණ අනුපාතය ද සැලකිල්ලට ගනිමිනි.

අපේක්ෂිත ආයු කාලය එක් එක් පුද්ගලයාගේ වයස අනුව වෙනස් වන අතර පුද්ගලයෙකු ජීවත් වීමට අපේක්ෂා කරන කාලය මෙහිදී ගණනය කරනු ලැබේ.

උදාහරණයක් ලෙස 2016 දී මෙක්සිකෝවේ ඉපදුණ ගැහැණු ළමයෙකු වයස 79ක් දක්වා ජීවත් වනු ඇත. කෙසේ වෙතත්, 2016 වර්ෂයේදී වයස 65ක කාන්තාවක් අවුරුදු 84 දක්වා ජීවත් වේ. ඇය ඒ වන විටත් වයස 65ක් ජීවත්ව සිටි නිසා ඇයගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වන අතර තවත් වසර විස්සක් පමණ ජීවත් වීමට ඉඩ ඇත.

අපේක්ෂිත ආයු කාලය මනින ගණකය නිර්මාණය වූයේ කෙසේද?

මෑතකදී (2016) එළිදක්වන ලද දත්ත උපයෝගී කරගෙන මෙම ගණකය නිර්මාණය කර තිබේ.

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට පදනම්ව යමෙකු ජීවත්වීමට අපේක්ෂා කෙරෙන වසර ගණන අපේක්ෂිත ආයු කාලය නම් වේ. 'ඔබගේ ජීවිතයේ ඉතිරි කාලයෙන් කොපමණ කලක් සෞඛ්‍ය සම්පන්නව සිටීද?' යන්න පුද්ගලයෙකු සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන වසර සංඛ්‍යාව සමග ගණනය කර, ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි වසරවල‍ ප්‍රතිශතයක් ලෙස පෙන්වයි. අවසාන ප්‍රතිපලය නිකුත් කරන්නේ පුද්ගලයෙකුගේ ඉතිරි ජීවිත කාලය තුළ මරණයට පත් වීමේ හෝ ආබාධිත තත්වයට පත් වීමේ ප්‍රවනතාව ද සැලකිල්ලට ගෙනය.

ඒ අනුව, කිසියම් අපේක්ෂිත විද්‍යාත්මක දියුණුකිරීම් හෝ වෛද්‍ය ප්‍රතිකාරවල වැඩි වර්ධන මෙහිදී අවධානයට ලක් කර නැත.

මූලාශ්‍රය: Global Burden of Disease Study 2016, සම්බන්ධීකරණය කරන ලද්දේ සෞඛ්‍ය දත්ත සහ ඇගයීම් ආයතනය

මෙම ගණකය නිර්මාණය කරන ලද්දේ ටොම් කැල්වර්, නස්සොස් ස්ටයිලිනෝ, බෙකී ඩේල්, නික් ට්‍රිග්ල්, රැන්සම් ම්පිනි, ප්‍රීනා ෂා, ජෝ රීඩ් සහ එලිනෝ කීන් විසිනි.

මේ තොරතුරුද කියවන්න:

කෙටි වීඩියෝ

  • පිකාසෝගේ ලෝකප්‍රකට සිතුවම මෙහි දැක්වේ.
  • රෝස පති දිග ටී ෂර්ට් එකක් සහ නිල් පති දිග කලිසමක් ඇඳ තරුණයෙකුගේ මුහුණ දුම් වලාවකින් වැසී ඇති අයුරු පෙනේ.
  • අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ නව වන ග්‍රහ ලෝකයක් තිබේ ද?
  • අඳුරු පරිසරයක ගිරවෙකුගේ හොටක් වැනි මුහුණක් සහිත සතෙකු පෙනේ.
  • පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු දිග පුටුවක් උඩ පෙරලගෙන සිටින ආකාරය මෙහි දැක්වෙන අතර එම ස්ථානය රතු රවුම් කර ඇත.
  • ලෙබනනය, ඊශ්‍රායලය සමඟ දින 10ක සටන් විරාමයේ ආරම්භය සමරන අයුරු
  • ට්‍රම්ප්ගේ වාග් ප්‍රහාර වලට පාප් වහන්සේ ප්‍රතිචාර දක්වයි
  • ට්‍රම්ප් තමන්ව ජේසුස් වහන්සේ ලෙස නිරූපණය කළ පොස්ටුව
  • ගඟක පුද්ගලයින් හතර දෙනෙකු පිහිනන අතර කහ සහ රතු පති ටයර් දෙකක් පෙනේ.
  • සත්වෝද්‍යානයෙන් පැනගිය වෘකයෙකු සොයා දැවැන්ත මෙහෙයුමක්
  • හිසෙහි මල් ගසා, මුහුණේ කළු පාට ඉරි ඇඳගත් දැරියක් මෙහි සිටී.
  • මීටර් 9ක් ගැඹුරු ළිඳකට වැටී සිටි සිංහයෙකු බේරාගත් අයුරු
  • නිල් පැහැති සාරියක් ඇඳ සිටින තරුණියක් සිනහ මුසු මුහුණින් ඔන්චිලාවක සිටින අතර එහි ලනු මල් වලින් සරසා තිබේ.
  • දහස් ගණනක පිරිසක් මක්කමට රැස්වී සිටින ආකාරය පෙනේ.
  • පෘථිවියේ සිට කිලෝමීටර් 33ක් ඉහළදී මුදා හළ, සිල්ක් රෙද්දකින් ආවරණය කළ ශරීර ආකෘතියක්
  • ඉන්ෆ්ලුවෙන්සර් රෝබෝ යන්ත්‍රයක් වෝර්සෝ නගරයේ වල් ඌරන් එළවන අයුරු
  • වවුනියාවේ සංගීත සංදර්ශනයක් අතර පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක්
  • කට ඇරගෙන සිටින දුඹුරු පැහැති බල්ලෙකු සිටී.
  • අපගේ විශ්වයට අමතරව තවත් විශ්වයන් තිබෙනවා ද?
  • යළි පෘථිවියට පැමිණීමෙන් පසුව පළමු වරට තම සුරතල් සුනඛයා මුණගැසුණු ආටෙමිස් II ගගනගාමීයා

ජනප්‍රිය ලිපි