දේශපාලන අර්බුදය: "බහුතරය පෙන්වන තුරු පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවති තත්ත්වයයි"

කතානායක කරු ජයසූරිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකි වන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදු වන බව දක්වමින් කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙහි දක්වා ඇත්තේ, මෙම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු "අප්‍රසන්න සංසිද්ධියක්" බවය.

"අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේ නම් නොවැම්බර් 7 වෙනිදා වන විට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කතානායකවරයා වශයෙන් මාගේ යුතුකම වේ. ඒ සඳහා මා හට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි" යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

කතානායක කරු ජයසූරිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

BBC

මේ අතර, ඉරිදා නිකුත් කළ ගැසට් නිවේදනයකින් කියවුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවැම්බර් මස 14 වෙනිදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියේ (3) i අනුව ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර එම පියවර ගත් බව එහි සඳහන් විය.