ට්‍රම්ප්-ෂී ජින්පිං හමුව ඉදිරි වසර ගණනාවක් සඳහා සුපිරි බලවතුන් අතර සබඳතාවල පදනමක් වෙයි ද?

Donald Trump's head in profile on the left and Xi Jinping's head in profile on the right. They are both wearing shirts and suit jackets. Xi's head is overlaid with a red design element.
    • Author, ඇන්තනි සර්චර්
    • Role, උතුරු ඇමෙරිකා වාර්තාකරු
    • Author, ලෝරා බිකර්
    • Role, චීන වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 10

විශේෂ පෙළපාළියක් හෝ දැවැන්ත සැලසුම්සහගත සිදුවීමක් පිළිබඳ කතටකතා ආරංචි පැතිර යාමත් සමග, චීනයේ බීජිං නුවර ඓතිහාසික ටියනන්මෙන් චතුරශ්‍රය වටා ආරක්ෂාව දින ගණනාවක් තිස්සේ තර කර තිබේ.

මෙම ප්‍රධාන උත්සවය සඳහා සූදානම ආරම්භ වී ඇත්තේ කටකතාවකික් වුව ද, චීනය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් දැවැන්ත පිළිගැනීමක් කිරීමට සූදානම් බව පෙනී යයි.

මෙම සංචාරයට සාකච්ඡා, භෝජන සංග්‍රහයක් සහ හොඳ අස්වැන්නක් වෙනුවෙන් අධිරාජ්‍යයන් වැඳුම් පිදුම් කළ ඓතිහාසික ආගමික සංකීර්ණයක් වන The Temple of Heaven නැරඹීම ද ඇතුළත් වේ.

ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං යන දෙදෙනා ම මෙම සංචාරය සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරති. ලෝකයේ බලවත් ම නායකයින් දෙදෙනා අතර පැවැත්වෙන මෙම සමුළුව වසර ගණනාවක් තිස්සේ සිදුවූ වඩාත් ම ප්‍රතිඵලදායක හමුවීම්වලින් එකක් වනු ඇත.

Xi Jinping and Donald Trump walk past Chinese troops dressed in white and holding guns. Xi and Trump both wear dark suits.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2017 වසරේදී සිදුකළ ට්‍රම්ප්ගේ සංචාරයෙන් පසු එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුගේ පළමු චීන සංචාරය මෙයයි

මාස ගණනාවක් තිස්සේ එක්සත් ජනපද-චීන ​​සබඳතා සම්බන්ධයෙන් ට්‍රම්ප් දැක්වූයේ අඩු ප්‍රමුඛතාවකි. ඔහුගේ අවධානය යොමු වී තිබුණේ, ඉරානය සමග පවතින යුද්ධය, බටහිර අර්ධ ගෝලයේ හමුදා මෙහෙයුම් සහ දේශීය අවශ්‍යතා කෙරෙහි ය. නමුත් මේ සතියේ ඒ සියල්ල වෙනස් වනු ඇත. ගෝලීය වෙළෙඳාමේ අනාගතය, තායිවානයේ ඉහළ යන ආතතීන් සහ උසස් තාක්ෂණයන්හි තරගකාරිත්වය යන සියල්ල මෙම හමුව මත රඳා පවතිනු ඇත.

ආර්ථික වශයෙන්, එක්සත් ජනපදය සමග පවතින වෙළෙඳ යුද්ධය සහ ඉරානයේ ගැටුම ෂී ජින්පිංට නරක ආරංචියක් විය හැකි නමුත්, මතවාදීව සහ දේශපාලනිකව ඒවා ත්‍යාගයන් විය හැකි අතර තමන්ට ශක්තිමත් හස්තයක් ඇති බව ඔහුට හැඟෙනු ඇත.

මෙම සංචාරය හරහා ඉදිරි වසරවලදී අනාගත සහයෝගීතාව හෝ, ඇතැම්විට ගැටුම් සඳහා පදනම සැකසෙනු ඇත.

ඉරාන යුද්ධයේ සාම දූතයා?

චීනය දැන් තුන් මසක් තිස්සේ පැවැත්වෙන යුද්ධය සම්බන්ධයෙන් සාම දූතයෙකු ලෙස නිහඬව ක්‍රියා කිරීමට උත්සහ කරයි. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ මැදිහත්කරුවෙකු ලෙස චීනය පකිස්ථානය සමග එක්වී සිටී.

සටන් විරාමයක් ඇති කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම අරමුණු කර ගනිමින් මාර්තු මාසයේ චීනයේ සහ පකිස්ථානයේ බලධාරීන් කරුණු 5ක සැලැස්මක් ඉදිරිපත් කළහ. තිරය ​​පිටුපස සිට, චීන බලධාරීන් ඔවුන්ගේ ඉරාන සගයන් සාකච්ඡා මේසය දෙසට මෘදු ලෙස තල්ලු කර ඇත.

ස්ථාවර ශක්තිමත්භාවයක් පැවතියදීත්, මෙම යුද්ධය අවසන් කිරීමට චීනය උනන්දු වන බවට සැකයක් නැත.

රටේ ආර්ථිකය දැනටමත් මන්දගාමී වර්ධනයක් සහ ඉහළ විරැකියාව සමග පොරබදමින් සිටී. ඉන්ධන මිල ඉහළ යාම නිසා පෙට්‍රෝරසායනික ද්‍රව්‍යවලින් සාදන ලද රෙදිපිළිවල සිට ප්ලාස්ටික් දක්වා සෑම දෙයක ම මිල ඉහළ ගොස් ඇත. චීනයේ සමහර නිෂ්පාදන සඳහා පිරිවැය 20%කින් ඉහළ ගොස් තිබේ.

A woman wearing a white shirt and green trousers walks in front of a billboard showing the Strait of Hormuz as a gag stitched across Trump's mouth

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හෝමුස් සමුද්‍ර සන්ධිය ට්‍රම්ප්ගේ මුඛය හරහා මැහුම් ගසා ඇති බව දැක්වෙන ටෙහෙරානයේ දැන්වීම් පුවරුවක්

චීනයට ඉන්ධන සංචිත ඇති අතර පුනර්ජනනීය හා විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් චීනය ගෙන ඇති නායකත්වය, ඉන්ධන අර්බුදයේ නරක ම බලපෑම්වලින් එය මුදාගෙන තිබේ. කෙසේ වෙතත්, අපනයනය මත දැඩි ලෙස රඳා පවතින මන්දගාමී චීන ආර්ථිකයට යුද්ධය දැඩි බලපෑමක් එල්ල කරයි. කෙසේ වෙතත්, චීනය මැදිහත් වී එක්සත් ජනපදයට උදව් කිරීමට නම්, චීනයට පෙරළා යම් ප්‍රතිලාභයක් අවශ්‍ය වනු ඇත.

පසුගිය සතියේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ බීජිං සංචාරය සැලසුම් කර තිබුණේ, මැද පෙරදිග චීනයට ඇති ග්‍රහණය සහ බලපෑම පෙන්වීමට ය.

එක්සත් ජනපදය සමීපව නිරීක්ෂණය කරමින් සිටියේ ය. "ඔහුට පැවසිය යුතු දේ චීන ජාතිකයන් ඔහුට පවසනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා," එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය. "ඒකෙන් තමයි ඔබ සමුද්‍ර සන්ධියේ කරන දේ ඔබව ගෝලීය වශයෙන් හුදෙකලා කිරීමට හේතු වෙන්නේ. මේ සිද්ධියේ නරක මිනිහා ඔබයි."

A woman in a factory sews cuddly toy pandas

ඡායාරූප මූලාශ්‍රය, VCG via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්ධන මිල චීන අපනයන ක්ෂේත්‍රයට සහ රෙදිපිළි නිෂ්පාදනයට සැලකිය යුතු ලෙස බලපා තිබේ

ඉන්පසු හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සහ කරන නෞකාවලට ඉරානය එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නව යෝජනාවකට බාධා නොකරන ලෙසට එක්සත් ජනපදය චීනයට ඒත්තු ගැන්වීමට උත්සහ කර ඇති අතර මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවක් රුසියාව නිෂේධ කළේය.

International Crisis Groupහි එක්සත් ජනපද-චීන ​​සබඳතා සඳහා ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහ නීති උපදේශක අලි වයින් පවසන්නේ, "අපි ඉරානය කල් පවත්නා තීරණයක් සමග නැවත සාකච්ඡා මේසයට ගෙන ඒමට උත්සහ කරන්නේ නම්, චීනය යම් කාර්යභාරයක් ඉටු කළ යුතු බව එක්සත් ජනපදය පිළිගනු ඇතැයි විශ්වාස කරන," බව ය.

ට්‍රම්ප්, ඔහුගේ පැත්තෙන්, ටෙහෙරානය සමග චීනය පවත්වන සමීප සබඳතා කෙරෙහි ගැටලුවක් නොමැති බව පෙන්වා තිබේ. ඉරාන ඉන්ධන ප්‍රවාහනය සඳහා චීනය පදනම් කර ගත් පිරිපහදුවක් එක්සත් ජනපදය විසින් මෑතකදී අනුමත කරන ලද අතර, පසුගිය සතියේ ජනාධිපතිවරයා ගැටුම අතරතුර ඉරානයට දක්වන ලද ඕනෑ ම සහයෝගයක් පිළිබඳව තැකීමක් නොකරන බව පෙන්නුම් කළේ ය.

"ඕක මොකක් ද?" ඔහු එක්සත් ජනපද මාධ්‍යවේදියෙකුට පැවසීය. "අපිත් ඔවුන්ට විරුද්ධව දේවල් කරනව නේ."

තායිවානයේ අනාගතය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ට්‍රම්ප් පරිපාලනය තායිවානය සම්බන්ධයෙන් ද මිශ්‍ර සංඥා නිකුත් කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී, එක්සත් ජනපදය තායිවානය සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක ආයුධ ගනුදෙනුවක් නිවේදනය කළේ, චීන රජය කෝපයට පත් කරමිනි. කෙසේ වෙතත්, ට්‍රම්ප්, චීනය තමන්ගේ ම භූමියක් ලෙස ප්‍රකාශ කරන තායිවානය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදයේ කැමැත්ත මගහැර ඇත.

"ඔහු එය චීනයේ කොටසක් ලෙස සලකනවා," ට්‍රම්ප් ෂී ගැන පවසමින් සඳහන් කළේ, "ඒක ඔහුගේ වැඩක්, ඔහු කරන දෙයක් ඔහු කරාවි," යනුවෙනි.

තායිවානය එහි ආරක්‍ෂාව සහතික කිරීම සඳහා එක්සත් ජනපදයට ප්‍රමාණවත් ලෙස ප්‍රතිලාභ ඉදිරිපත් නොකරන අතර, ඔවුන් "අපට කිසිවක් ලබා නොදෙන" බව ඔහු පවසා තිබේ. පසුගිය වසරේ ඔහු තායිවානයට 15%ක තීරුබදු පැනවූ අතර, තායිවානය, එක්සත් ජනපදයෙන් අර්ධ සන්නායක නිෂ්පාදනය සොරකම් කළ බවට චෝදනා කළේ ය.

පසුගිය සතියේ රුබියෝ පැවසුවේ, මෙම සංචාරයේදී තායිවානය සංවාදයේ මාතෘකාවක් වනු ඇති නමුත්, මෙම ගැටලුව නිසා සුපිරි බලවතුන් දෙදෙනා අතර නව ආතතියක් ඇති නොවන බවට වග බලා ගැනීම සිය ඉලක්කය වනු ඇති බව ය.

"තායිවානය සම්බන්ධයෙන් හෝ ඉන්දු-පැසිෆික් කලාපයේ ඕනෑ ම ස්ථානයක අස්ථාවර වීම් දැකීමට අපට අවශ්‍ය නැහැ," ඔහු පැවසීය. "ඒ වගේ ම මම හිතන්නේ එය එක්සත් ජනපදය සහ චීන ජාතිකයන් කියන දෙපාර්ශවයට ම වැදගත් දෙයක්."

Taiwanese soldiers training using shoulder-mounted RPGs

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිවානය මිලිටරි සහය සඳහා රැඳී සිටින්නේ, එක්සත් ජනපදය මත ය

මෙම සාකච්ඡාවලදී තායිවානය පිළිබඳ මාතෘකාව ප්‍රමුඛත්වය ගනු ඇතැයි චීනය අඟවා ඇත. විදේශ අමාත්‍ය වැන්ග් යී පසුගිය සතියේ ප්‍රකාශ කළේ, රුබියෝ සමග පැවති ඇමතුමකදී එක්සත් ජනපදය "නිවැරදි තේරීම්" කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවට පැවසූ බව ය.

චීනය දිනපතා ම පාහේ තායිවානය වටා යුද ගුවන් යානා සහ නාවික යාත්‍රා යවමින් සිය මිලිටරි පීඩනය වැඩි කර තිබේ.

ඇතැම් විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, 1982 වසරේදී සූක්ෂම ලෙස කෙටුම්පත් කරන ලද තායිවානය පිළිබඳ වගන්ති වෙනස් කිරීමට චීන නිලධාරීන් පෙළඹෙනු ඇති බව ය. වොෂින්ටනයේ වඩාත් ම මෑතකදී ප්‍රකාශිත ප්‍රතිපත්තිය වන්නේ, එය දැනට තායිවාන ස්වාධීනත්වයට සහය නොදක්වන බව ය. "එක්සත් ජනපදය තායිවානයට නිදහස දීමට විරුද්ධ යි" වැනි ශක්තිමත් වචන සඳහා ඇමෙරිකාව තල්ලු කිරීමට චීනයට හැකි වෙයි ද?

"ජනාධිපති ෂී ජින්පිං එවැනි දෙයක් කරයි කියලා මම හිතන්නෙ නෑ," ආසියා සංගමයේ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ජෝන් ඩෙලූරි පවසයි. "ට්‍රම්ප් තායිවානයට යම් යටත්වීමක් සේ පෙනෙන වාම ක්‍ෂේත්‍රයක් ගැන යමක් පැවසුව ද, ඔහු ඔහුගේ භාෂා භාවිතය සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන නිසා, චීන ජාතිකයන් එය බරපතළ ලෙස නොතකනු ඇත, මන්ද ට්‍රම්ප්ට තමා දැක්වූ අදහසක් සතියකට පසු Truth Social සමාජ මාධ්‍ය සටහනකින් ආපසු හැරවිය හැකි බැවිනි."

තීරණාත්මක වෙළෙඳ සාකච්ඡා

2025 වසරේ වැඩි කාලයක් එක්සත් ජනපදය සහ චීනය ගෝලීය ආර්ථිකයේ අත්තිවාරම් සොලවා දැමිය හැකි නව වෙළෙඳ යුද්ධයක අද්දර සිටින බව පෙනී ගියේ ය.

ට්‍රම්ප් දිගින් දිගට ම ඇමරිකාවේ විශාලතම වෙළෙඳ සහකරු මත තීරුබදු ඉහළ නැංවූ අතර, සමහර අවස්ථාවලදී 100% ඉක්මවන අගයකට ළඟා විය.

චීනය ඊට ප්‍රතිචාර ලෙස, චීනය එක්සත් ජනපදයට දුර්ලභ ඛනිජ ලවණ අපනයනය කිරීම සහ ඇමෙරිකානු කෘෂිකාර්මික අපනයන මිල දී ගැනීම සීමා කිරීම මගින් ට්‍රම්ප්ට ඡන්දය දුන් ප්‍රධාන ප්‍රාන්තවල ගොවීන්ට බලපෑම් එල්ල කරමින් ප්‍රතිචාර දැක්වීය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී දකුණු කොරියාවේදී ට්‍රම්ප් සහ ෂී ජින්පිං මුහුණට මුහුණ හමුවීමෙන් පසු දෙරට අතර උණුසුම් තත්ත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. ජනාධිපතිවරයාගේ ඒකපාර්ශ්වික තීරුබදු බලය කප්පාදු කිරීමේ පෙබරවාරි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ට්‍රම්ප්ගේ අනුමාන කළ නොහැකි වාණිජමය තීරණ යටපත් කිරීමට ද උපකාරී විය.

කෙසේ වෙතත්, ට්‍රම්ප් සහ ෂී ජින්පිංට ඔවුන්ගේ බීජිං සමුළුව අතරතුර කතා කිරීමට තවත් බොහෝ දේ ඇත. එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන චීන මිලට ගැනීම වැඩි කිරීමට ඇමෙරිකානු නායකයා තල්ලු කරනු ඇත. ට්‍රම්ප්ට චීන භාණ්ඩ සඳහා ඉහළ තීරුබදු පැනවීමේ හැකියාව ලබා දිය හැකි අසාධාරණ ව්‍යාපාරික පිළිවෙත් පිළිබඳ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද විමර්ශනයක් අත්හැරීමට චීනය එක්සත් ජනපදයට බලපෑම් කරනු නිසැක ය.

මෙය ඇමෙරිකානු පාර්ශවයට තීරණාත්මක වනු ඇත. වොෂින්ටන් පදනම් කර ගත් චින්තන පරිෂදයක් වන බෘකින්ස් ආයතනයේ ආරක්ෂක සහ උපායමාර්ග පිළිබඳ ප්‍රධානී මයිකල් ඕ හැන්ලන් පවසන්නේ, "එක්සත් ජනපදයට සියලු ම අසාධාරණ චීන වෙළෙඳ භාවිතයන් පිළිබඳ විමර්ශන අත්හැරීම දුෂ්කර විය හැකි" බව ය.

රොයිටර් පුවත් සේවයට අනුව, ට්‍රම්ප් පරිපාලනය Nvidia, Apple, Exxon, Boeing සහ අනෙකුත් විශාල සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ට ද ඔහු සමග මෙම සංචාරය සඳහා ආරාධනා කර තිබේ.

ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධූර කාලය තුළ මෙන් චීනය තවදුරටත් වෙළෙඳාම වෙනුවෙන් එක්සත් ජනපදය මත රැඳී නොසිටින අතර, චීනයට ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයක් අවශ්‍ය බැවින් මෙම රැස්වීම සාර්ථක කර ගැනීමට ෂී ජින්පිංට අවශ්‍ය වනු ඇත.

චීනය දැන් රටවල් 120කට වැඩි සංඛ්‍යාවක ප්‍රධාන වෙළෙඳ සහකරු බවට පත්ව තිබේ. නමුත් ට්‍රම්ප්ගේ සංචාරයේදී ඔහුට ඕනෑවට වඩා විශ්වාසදායක ලෙස පෙනී සිටිය නොහැකි බව ෂී ජින්පිං දැන ගනු ඇත.

"සංචාරය කිසිදු ගැටලුවක් නැතිව සිදුවේවි. ට්‍රම්ප් තමාට ගෞරවාන්විතව සලකන බව දැනෙන තාක් කල්, ද්විපාර්ශ්වික සබඳතාවයේ නොසන්සුන්කම හෝ සන්සුන්කම පවතිනු ඇති. අනෙක් අතට, ට්‍රම්ප්ට අගෞරවයක් හෝ සුළු කොට තකන බවට හැඟීමක් දැනෙන්නේ නම්, ඔහුගේ හදවතේ වෙනසක් ඇති වෙන්න පුළුවන්," බෘකින්ස් ආයතනයේ ජෝන් එල්. තෝන්ටන් චීන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රයන් හාස් පවසයි.

කෘත්‍රිම බුද්ධියේ අනාගතය

චීනය අනාගතය අයිති කර ගැනීමේ තරගයක යෙදී සිටී. එරට AI සහ මානවරූපී රෝබෝ සඳහා විශාල වශයෙන් ආයෝජනය කරයි. මේවා චීනයේ ආර්ථිකය ඉදිරියට ගෙන යනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන "නව නිෂ්පාදන බලවේග" ලෙස ෂී ජින්පිං විස්තර කරයි.

කෙසේ වෙතත්, බොහෝ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින් විශ්වාස කරන්නේ, නිල චීන ප්‍රතිපත්තිය ඔවුන්ගේ දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා එක්සත් ජනපද තාක්‍ෂණය සහයෝගීතාව හෝ සම්පූර්ණයෙන් ම සොරකම් කරන බව ය. උදාහරණයක් ලෙස, ඇමෙරිකානු නිෂ්පාදකයින්ගේ විරෝධතා නොතකා, නවතම මයික්‍රොප්‍රොසෙසර් අපනයනය සීමා කිරීමට චීනය පියවර ගැනීමට හේතු වී ඇත්තේ එය ය.

Two black AI chips sit side by side

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චිප්ස් හරහා සිදුවන රාජ්‍ය තාන්ත්‍රිකත්වය සාකච්ඡාවල තීරණාත්මක කොටසක් වනු ඇත

TikTok නමැති ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුම පිළිබඳ චීන හිමිකාරිත්වය සහ මෙහෙයුම ගැන ඇති වූ සංකීර්ණ ගැටලුව සාර්ථකව විසඳා ගැනීම, චෝදනා සහ සැකයන් අතර සිරවී සිටින ඇමෙරිකා–චීන තාක්ෂණික සම්බන්ධතා සඳහා දුර්ලභ සතුටුදායක අවසානයක් සනිටුහන් කළේ ය.

මෙම තත්ත්වය නවීන කාලයේ ප්‍රධාන නව තාක්‍ෂණික දියුණුව වන AI පද්ධති සංවර්ධනය කිරීමේ තරගයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. DeepSeek වැනි චීන සමාගම් ඇමෙරිකානු AI තාක්ෂණය සොරකම් කරන බවට එක්සත් ජනපදය චෝදනා කිරීම නිසා ගැටලුව සංකීර්ණ වේ.

"AI සීතල යුද්ධයක ආරම්භක පරිච්ඡේදයක් මතුවෙමින් තිබෙනවා", බෲකින්ස් ආයතනයේ ජෝන් එල් තෝර්න්ටන් චීන මධ්‍යස්ථානයේ සේවය කරන යින්ග්යි මා පවසයි. "ඇමෙරිකානු AI මාදිලියේ කාර්මික පරිමාණයේ' සොරකම් කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය චීනයට චෝදනා කර ඇති අතර, චීනය විසින් ආරම්භ කරන ලද AI ආරම්භයක් දැන් සිංගප්පූරුවේ පිහිටා ඇති මානුස් දිවයින අත්පත් කර ගැනීම වැළැක්වීමට බීජිං පියවර ගත් බව වාර්තා වේ. ගැඹුරු තරගය ඇත්තේ, කාගේ ආකෘතිය පිටපත් කරන්නේ කවුරුන් ද? යන්න නොව, AI තාක්ෂණයේ ඊළඟ පරම්පරාව ගොඩනැගීමට හැකි දක්ෂතා මත ය."

චීනයේ රොබෝ යන්ත්‍ර බීජිංහි මැරතන් තරගයකදී මිනිසුන්ට වඩා වේගයෙන් දිවීමට, කුංෆු චලනයන් කිරීමට සහ වේගයෙන් ධාවනය කිරීමට සමත් ය.

A row of three black, white and orange robots moving in formation, while a crowd of bystanders watch

ඡායාරූප මූලාශ්‍රය, VCG via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන තාක්‍ෂණය ප්‍රදර්ශනය කිරීම සඳහා සටන්කරුවන් වන රොබෝ යන්ත්‍ර විශාල බලපෑමක් කර ඇත

නමුත් චීන සමාගම් මෙම මානවරූපී රොබෝ යන්ත්‍රවල ශරීර තැනීමට දක්ෂ බව පෙනෙන්නට තිබුණ ද, බොහෝ දෙනෙක් තවමත් ඔවුන්ගේ නව නිර්මාණවල මොළය සැලසුම් කිරීමට කටයුතු කරමින් සිටිති. හොඳම දේ තැනීමට, චීන සමාගම්වලට ඉහළ මට්ටමේ පරිගණක චිප් අවශ්‍ය වන අතර ඒවා ආනයනය කෙරෙන්නේ, එක්සත් ජනපදයෙනි.

මෙය චීනයට එහි දුර්ලභ ඛනිජ (rare earths) මත ඇති බලය භාවිත කළ හැකි අවස්ථාවකි. එය ට්‍රම්ප් පැහැදිලිව ම ආශාවෙන් ළඟා වීමට උත්සහ කරන වැදගත් ක්ෂේත්‍රයකි. ලෝකයේ දුර්ලභ ඛනිජ සම්පත් සැපයුමේ 90%ක් පමණ චීනය සිදු කරයි. මේවා ස්මාර්ට්ෆෝන්වල සිට සුළං බලජනන ව්‍යාපෘති (wind farms) හා ජෙට් එන්ජින් දක්වා සියලු නවීන තාක්ෂණයට අත්‍යවශ්‍ය වේ.

එබැවින්, ගනුදෙනුවක් සිදුවීමට ඉඩකඩක් තිබිය හැකිය. එක්සත් ජනපදයට ඉහළ මට්ටමේ චිප්ස් වෙනුවට චීනයට දුර්ලභ ඛනිජ සම්පත් තිබිය හැක. එය චීනයට හෝමුස් සමුද්‍ර සන්ධියක් වැනි ය. - එනම්, චීනයට ඕනෑ ම අවස්ථාවක ඇමෙරිකාවට ඛනිජ සම්පත් සැපයීම නතර කළ හැකි ය.

Melania Trump and Donald with Xi Jinping and his wife Peng Liyuan in the Forbidden City in 2017

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙටි සංචාරයක් අතරතුර ට්‍රම්ප්ට සහ ජින්පිංට කතා කිරීමට බොහෝ දේ ඇත

දෙපාර්ශවයට ආවරණය කළ යුතු ප්‍රතිපත්ති ක්ෂේත්‍ර ගණනාවක් ඇති බැවින්, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වෙන සාකච්ඡා සහ වැඩසටහන් රැසක් සමගින් ට්‍රම්ප්ගේ සංචාරය අතිශය කැළඹිලිසහගත එකක් වනු ඇත.

නායකයින් දෙදෙනාට වැදගත් ගිවිසුම්වලට ළඟා වීමට ප්‍රමාණවත් කාලයක් නොතිබිය හැකි ය. කෙසේ වෙතත්, මෙවැනි කෙටි හමුවක් පවා, ඉදිරි වසර ගණනාවක් පුරාවට සුපිරි බලවතුන් දෙදෙනා අතර සාකච්ඡා සහ සම්බන්ධතාවල දිශාව සකස් කරනු ඇත.