චීනය තුළත් බෙදුම්වාදය හිස ඔසවයි

මෙය බෙදුම්වාදීන්ගේ ක්‍රියාවක් බවටයි චීන රජය චෝදනා කරන්නේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙය බෙදුම්වාදීන්ගේ ක්‍රියාවක් බවටයි චීන රජය චෝදනා කරන්නේ
Published

බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් යැයි හඳුන්වා ඇති සිදුවීමක දී පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තවත් දොළොස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

ප්‍රාදේශීය අධිකාරීන් පවසන්නේ ප්‍රහාරකයන් විසින් සැශේ (Shache) පළාතේ මහාමාර්ගයක සිටි සාමාන්‍ය මිනිසුන් වෙත බෝම්බ විසිකර ඇති අතර ඇතැමුන් තියුණු ආයුධ වලින් කපා කොටා මරා දමා ඇති බවයි.

මිය ගියවුන් ගේ එකොලොස් දෙනෙකු ප්‍රහාරකයන් බවයි නිලධාරීන් පවසන්නේ.

ෂින් ජියෑන් පළාත චීනයෙන් වෙන්කර ගැනීමට උයිගුර් ත්‍රස්තවාදීන් කටයුතු කරන බවටයි චීන රජය චෝදනා කරන්නේ.

එහෙත් බොහෝ උයිගුර් සුළු ජාතිකයන් පවසන ආකාරයට ගැටුම් හා නැගිටීම් ඇතිවී ඇත්තේ දේශසීමාව අසල ඇති මෙම පලාත පිළිබඳව කටයුතු කිරීමේදී බෙයිජිං රජය අනුගමනය කරන වැරදි ප්‍රතිපත්ති හේතුවෙන්.