හිමාල කන්දෙන් තවත් මළ සිරුරු

තවමත් ගණනය ට හසු නොවූ පුද්ගලයන් සංඛ්‍යාවක් සිටියහැකි බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, තවමත් ගණනය ට හසු නොවූ පුද්ගලයන් සංඛ්‍යාවක් සිටියහැකි බවයි පැවසෙන්නේ
Published

අවම වශයෙන් 39 දෙනෙකු මරු මුවට පත් කරමින් පසුගිය දින කිහිපය තුළ හමාගිය හිම කුණාටු සහ හිම කඳු කඩා වැටීම්වලින් දිවි බේරාගත් අය සොයමින් හෙලිකොප්ටර යානා නේපාලයේ හිමාල කඳුමුදුන් පීරමින් සිටී.

ගුවන් හමුදා සහ හිමකඳු අතර මෙහෙයුමේ යෙදී සිටින නේපාල යුද හමුදා කණ්ඩායම් විසින් සිය ගණනක පිරිසක් බේරා ගනු ලැබූ බවයි පැවසෙන්නේ.

අනතුරට පත්වූ පිරිස් අතර වැඩි දෙනෙක් විදේශයන් කරා පැමිණි කඳු නගින්නන් සහ ස්වදේශික මග පෙන්වන්නන් වන අතර ඇතැම් අය හිම තට්ටු අතර වැළලී ගොස් තිබේ.

තවමත් මළ සිරුරු හමුවෙමින් පවතින අතර ජපන් ජාතික කඳු නගින්නන් දෙදෙනෙකුගේ සිරුරු ද ඒ අතර ඇති ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ප්‍රදේශය ඉතා විශාල වන හෙයින් තවමත් ගණනය ට හසු නොවූ පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න අපැහැදිලි බවයි බී බී සී වාර්තාකරු පවසන්නේ.