ඉස්ලාම් රාජ්‍ය තර්ජනය බංග්ලාදේශයටත්

මින් පෙර අවස්තාවක ඉස්ලාම් රාජ්‍යයක් ගොඩ නැගීම වෙනුවෙන් සිරියාවේ සටන් වැදීමට යාමට උත්සාහ ගත් පුද්ගලයන් පස් දෙනෙකු බංග්ලාදේශයේදී අත්අඩංගුවට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, focus bangla

ඡායාරූප ශීර්ෂ වැකිය, මින් පෙර අවස්තාවක ඉස්ලාම් රාජ්‍යයක් ගොඩ නැගීම වෙනුවෙන් සිරියාවේ සටන් වැදීමට යාමට උත්සාහ ගත් පුද්ගලයන් පස් දෙනෙකු බංග්ලාදේශයේදී අත්අඩංගුවට පත් විය.
Published

ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැගීම උදෙසා පුද්ගලයන් බඳවා ගැනීමේ යෙදුණු බංග්ලාදේශ ජාතික බ්‍රිතාන්‍ය පුරවසියෙකු අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලිසිය පවසයි.

බංග්ලාදේශ ජේෂ්ඨ පොලිස් නිලධාරියකු බීබීසීයට කියා සිටියේ සමියුන් රහ්මාන් නමැති අත්අඩංගුවට පත් පුද්ගලයා මින් පෙර සිරියාවේ කාලය ගත කර ඇති බවයි.

පොලිස් නිලධාරියා තව දුරටත් කියා සිටියේ අත්අඩංගුවට පත් පුද්ගලයා අල්කයිඩා සහ සිරියාවේ ‘අල්-නුස්රා’ යන කැරලිකාර කණ්ඩායම් වලට පුද්ගලයන් බඳවා ගැනීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

බංග්ලාදේශ පොලිසිය පවසන්නේ මියන්මාරය තුලදීද එලෙස පුද්ගලයින් බඳවා ගැනීමට මෙම පුද්ගලයා සැලසුම් කර තිබූ බවයි.