සාමය සඳහා පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty

Published

රෝමානු කතෝලික සභාවේ ප්‍රධානී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු කොරියාවේ සියාවුල් අගනුවරදී කොරියානු අර්ධද්වීපයේ සාමය හා සමාදානය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත් වූහ.

එකිනෙකාට සමාව දී එකම පවුලක එක් ජාතියක් ලෙස සමගි වන මෙන් බෙදී සිටින කොරියනුවන්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියි.

සිය ප්‍රථම ආසියානු නිල සංචාරය නිමා කරමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියහ.

උතුරු කොරියානු බලධාරීන්ට දේව මෙහෙය සඳහා ආරාධනා කර තිබූ නමුත් ඊට සහභාගී වීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි පැවසෙන්නේ.

පාප් වහන්සේගේ සංචාරය සිදු වන අතරතුර දකුණු කොරියාව හා ඇමරිකානු හමුදා අතර යුද හමුදා පුහුණුවක් පැවැත්වේ.

එම හමුදා පුහුණුව උතුරු කොරියාව විසින් හෙලා දැක තිබේ.