'දේශප්‍රේමී යුද්ධ විජයග්‍රහණයට' ප්‍රසංශා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
නාසි ජර්මනිය පරාජය කොට දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීමේ වාර්ෂික හමුදා පෙළපාලියට සහභාගි වූ ජනාධිපති පූතින් දේශප්‍රේමී යුද්ධවල විජයග්‍රහණය ලෙසින් ඔහු හැඳින් වූ දෙයට ප්‍රශංසා කළේය.
සිය හමුදා උපකරණද සමඟ මොස්කවූ අගනුවර රතු චතුරශ්‍රයට රැස්ව සිටි එකොළොස් දහසක හමුදා භටයන් අමතමින් කථා කළ ජනාධිපතිවරයා, රුසියාවේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම අවධාරණය කළේය.
යුක්රේනය සම්බන්ධයෙන් ජනාධිපති පූතින් කිසිවක් සඳහන් නොකළ නමුත් ක්‍රිමියාවේ වෙරළබඩ සෙවස්තපෝල් නගරයේද මෙවැනිම පෙළපාලියක් පැවති බව වාර්තා වේ.
ක්‍රිමියාව ඈඳා ගැනීම සම්බන්ධයෙන් රුසියාව බටහිර රටවල දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ.
























