යානය සොයා උතුරට සහ දකුණට

මැලේසියාවේ ගමනාගමන ඇමති හිෂම්මුදින් හුසේන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මැලේසියාවේ ගමනාගමන ඇමති හිෂම්මුදින් හුසේන්
Published

අතුරුදහන් වූ ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් ප්‍රධාන ගුවන් මාර්ග කලාප දෙකක් ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ බව මැලේසියාවේ ගමනාගමන ඇමතිවරයා සනාථ කරයි.

යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බවත් ඉන් පසුව එය උතුරු ගමන් කලාපයට හෝ දකුණු ගමන් කලාපයට පියාසර කරන්නට ඇති බවයි මැලේසියානු බලධාරීහු පවසන්නේ.

'උතුරු ගමන් කලාපයට හෝ දකුණු ගමන් කලාපයට පියාසර කරන්නට ඇති'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'උතුරු ගමන් කලාපයට හෝ දකුණු ගමන් කලාපයට පියාසර කරන්නට ඇති'

මෙම කලාප දෙක ඇතුළත කෙරෙන පරීක්ෂණ සඳහා රටවල් විසි හයක සහයෝගය ඉල්ලා තිබේ.

‘සුභ රාත්‍රියක්’

නියමු මැදිරියෙන් අවසන් වරට පැමිණි ‘සුභ රාත්‍රියක්’ කියමින් නිම කළ පණිවිඩය, යානයේ තොරතුරු ස්වයංක්‍රීයව සන්නිවේදනය කරන පද්ධතිය අක්‍රීය කිරීමෙන් පසු සිදු කර ඇති බවයි මැලේසියාව කියා සිටියේ.

මෙම පණිවුඩය කවුරුන් විසින් කරන සිදු කළේද යන්න මීට පෙර නිශ්චිත නොවූ නමුත් මැලේසියානු ගුවන් සේවය විශ්වාස කරන්නේ යානයේ සහායක නියමුවා එම පණිවිඩය දී ඇති බවයි.