වාහන එලවීමේ තහංචියට එරෙහිව සවුදි කාන්තාවෝ උද්ඝෝෂණයේ

Published
සවුදි අරාබියේ කාන්තාවන්ට වාහන එළවීම හමුවේ ඇති තහංචි පරාජය කිරීම සඳහා අද වාහන පදවමින් විරෝධය පලකරන ලෙසට සවුදි කාන්තා උද්ඝෝෂණ කණ්ඩායමක් එරට කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.
සෞදි අරාබියේ කාන්තාවන්ට වාහන එළවීමට එරෙහිව නිල වශයෙන් තහනමක් නැති නමුත් කාන්තාවන්ට වාහන එලෙවීම සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ.
එසේම වාහන එළවා අසුවන කාන්තාවන් අත් අඩංගුවට ගනු ලැබේ.
අද පැවති විරෝධය සංවිධාන කරන ලද්දේ, මීට වසර විස්සකට පෙර කාන්තාවන් පිරිසක් විසින් කළ එවැනිම විශාලතම උද්ඝෝසනයක් සිහිපත් කිරීම සඳහායි.
එම විරෝධතාවට එක්වූ සමහරෙක් අත් අඩංගුවට ගෙන සිර ගත කෙරින.
තනිවම වාහන එලවමින් විරෝධය පා ඒවා පටි ගත කොට අන්තර් ජාල වෙබ් අඩවි වල පල කරන ලෙස කාන්තා උද්ඝෝෂණ කණ්ඩායම කාන්තාවන්ගෙන් ඉල්ලා තිබුණි.
























