ඇෆ්ගනිස්තානයේ තෙල් බවුසර අනතුරකින් හැත්තෑ තුනක් මරුට

ඇෆ්ගන් මාර්ග අනතුර
ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරට ලක් වන අවස්ථාවේ බස් රථ මගීන්ගෙන් පිරී තිබූ බවයි වාර්තා වන්නේ
Published

ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් සහ තෙල් බවුසරයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හැත්තෑ තුන් දෙනෙක් මරුමුවට පත් වෙති.

අනතුරෙන් තුවාල ලැබූ පනහකට වැඩි පිරිසක් ගාන්සි පළාතේ රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බවයි එරට බලධාරියකු බීබීසීයට කියා සිටියේ.

කාබුල් අගනුවරට සම්බන්ධ වන ප්‍රධාන මාර්ගයේ අනතුර සිදුවීමත් සමග බස් රථ දෙක සහ තෙල් බවුසරය ගිනි ගෙන තිබේ.

මාර්ග නිසි නඩත්තුවකින් තොර වීම සහ මාර්ග නීති පිලි නොපැදීම හේතුවෙන් බොහෝ විට ඇෆ්ගනිස්තානයෙන් මාර්ග අනතුරු වාර්තා වේ.