කරුණා මෛත්‍රී පිළට... එජාපය තුළ විරෝධයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව සංදේශයට වාර්තා වෙයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.
අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.
























