සෝමරතන හිමි ළමා අපචාර චෝදනා වලට වැරදිකරු වෙයි

Published
ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ ළමා අපචාර චෝදනා වලට වැරදිකරු බව ලන්ඩන් නුවර අධිකරණයක් තීන්දු කළේය.
පහලගම සෝමරතන නායක හිමිනම ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට වැරදිකරු යයි අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කළ බවයි, බ්‍රිතාන්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තෝමස් කටාර් බීබීසී සංදේශයට කියා සිටියේ.
තමන්ට එරෙහිව එල්ලවූ සියලුම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව පහලගම සෝමරතන හිමියෝ පවසති.
එහිමියන්ට දඬුවම් පැමිණවීම ජුනි මස පලවෙනි දිනට නියමකොට තිබේ.
























