'අපි ඉත්තෑවන්ට කන්න දෙනවා. ඉත්තෑවෝ අපිට කන්න දෙනවා'
Published
ශරීරයේ කූරු දක්නට ලැබෙන නිසා බොහෝ දෙනා ඉත්තෑවන් ඇල්ලීමට බියක් දක්වති.
එහෙත් ඉත්තෑවුන් 15 දෙනෙකු සමග ජීවත්වෙන පවුලක් අපට හමුවිය.
රඹුක්කන - පින්නවල පාරේ පුවක්දෙනිය ප්‍රදේශයේ ඔවුහු ජීවත් වෙති.
හීලෑ කරන ලද ඉත්තෑවන් සංචාරකයන්ට පෙන්වා ලැබෙන මුදලින් පාසල් යන දරුවා සහ ඇස් පෙනීමේ දුර්වලතාවයෙන් පෙළෙන සැමියා පෝෂණය කරන බව එච්.පී චන්ද්‍රකාන්ති පවසන්නීය.
පාද හතරක් සහිත, ක්ෂීරපායි සත්ත්වයෙකු වන ඉත්තෑවා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මූසික වර්ගයේ (ලෑටිගාන සතුන් අතරින්) විශාලතම සත්ත්වයා වේ.