ආර්ථික අර්බුදය : දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඉන්ධන හිඟයක් ගැන ජනපති රනිල් කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඉන්ධන හිඟයක් ගැන ජනපති රනිල් කියයි
Published

ඉදිරි දෙසැම්බර් සිට පෙබරවාරි වනවිට ඇතිවිය හැකි ඉන්ධන හිඟයක් ගැන ජනපති රනිල් වික්‍රමසිංහ අද (ඔක්තෝම්බර් 06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ වසරේදී ආර්ථිකය 7%-8% ප්‍රමාණයකින් හැකිලිය හැකි බව ද ඔහු කියා සිටියේ ආර්ථික අර්බුදය විසඳීමට ගෙන ඇති පියවර සහ විදේශ සංචාරවල ප්‍රගතිය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරමිනි.

''මම නැවතත් ඉල්ලා සිටින්නේ පැරණි කෝන්තර අමතක කර මේ ගමනට එක්වන ලෙසයි. විවේචන කිරීමට පහසුයි. වැරදි දැක්වීමට පහසුයි. විරෝධය පෑමට පහසුයි. හැබැයි විසඳුම් සෙවීම අසීරුයි.'' යනුවෙන් ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළේය.