''පුළුන් උඩ තියලා මාස තුනක් හදපු දරුවාව තමයි පැහැරගෙන ගියේ.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''පුළුන් උඩ තියලා මාස තුනක් හදපු දරුවාව තමයි පැහැරගෙන ගියේ.''
Published

88/89 කාලයේදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් අදටත් ඔවුන් යළි පැමිණෙතැයි මග බලා සිටිති.

කළුතර, දොඩන්ගොඩ ජීවත්වෙන ජේ.රණවීර සහ ආරියවංශ උඩුගමවිතාන එලෙස සිය දරුවා යළි පැමිණෙනතෙක් ඇඟිලි ගනිමින් සිටින මවුපිය යුවලකි.

ඔවුන් සිය දේපළ ද අලෙවි කරමින්, සිය වැඩිමහල් පුතු සෙවීම අදටත් අතහැර නැත.

මේ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය, අගෝස්තු 30 වන දින එනම් අදට යෙදී තිබේ.