පින්තුර කතාව:බියෙන් ජනතාව ගිලිගත් පාකිස්ථානයේ ගංවතුර
Published
මෙවසරේ මෝසම මඟින් ඇතිකරනු ලැබූ දැඩි වර්ෂාව හේතුවෙන් පාකිස්ථානය පුරා ජල ගැලීම් ඇතිව තිබේ.
ඉන්, මිලියන 30ක ජනතාවක් විපතට පත්ව සිටින අතර ජුනි මාසයේ සිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1000කි.
මේ වන විට දැවැන්ත සහන මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත් රට පුරා වැසියන් අවතැන්ව සිටියි. ඔවුහු, තමා වටා ජල මට්ටම ඉහළ යමින් පවතිද්දී උස්, වියළි බිම් සොයා ඇදෙමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවක්, ඛයිබර් පක්තුන්ක්වා පළාතේ චාර්සාඩා දිස්ත්‍රික්කයේ පිහිටි සිය නිවෙස අසල සිටගෙන සිටියි
ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ඡායාරූප ශීර්ෂ වැකිය, චාර්සාඩා දිස්ත්‍රික්කයේ මිනිසෙකු සිය දරුවාට කවයි
ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්ථාන සොල්දාදුවන් පන්ජාබ් ප්‍රාන්තයේ රාජන්පූර් දිස්ත්‍රික්කය තුළ ආහාර බෙදාදෙයි
ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆරීද් අබාද් සින්ධ් පළාතේ දාදු දිස්ත්‍රික්කයේ වැසියන් ගංවතුර මැදින් ගමනේ යෙදෙයි
ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ඡායාරූප ශීර්ෂ වැකිය, සින්ධ් පළාතේ සංඝර් දිස්ත්‍රික්කයේ දී දක්නට ලැබුණු තාවකාලික 'පාලමක්'
ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ඡායාරූප ශීර්ෂ වැකිය, චාර්සාඩා දිස්ත්‍රික්කයේ ජල ගැල්මට ගොදුරු වූ කාන්තාවකගේ නිවෙසක්
ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්ථාන නාවික හමුදාව සින්ධ් පළාතේ දාදු දිස්ත්‍රික්කයේ දරුවෙකු ගලවාගනියි
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඡායාරූප ශීර්ෂ වැකිය, ඛයිබර් පක්තුන්ක්වා පළාතේ පෙෂාවර් නගරයේ ජල මට්ටම සැලකිය යුතු තරමින් ඉහළ නැග ඇත
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඡායාරූප ශීර්ෂ වැකිය, බලුකිස්ථාන් පළාතේ ජාෆර්බාද් දිස්ත්‍රික්කයේ කාන්තාවක් රොටි සාදමින්
ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ඡායාරූප ශීර්ෂ වැකිය, සින්ධ් පළාතේ සංඝර් දිස්ත්‍රික්කයේ ජනයා උස්බිම් කරා ඇදී සිටිති