කණ්ඩායම ලැබූ 'අන්ත පරාජය' ගැන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකාව BBCයට කියපු කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, කණ්ඩායම ලැබූ 'අන්ත පරාජය' ගැන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකාව BBCයට කියපු කතාව
Published

මුල් පෙළ පිතිකාරිනියන් කඩුළු පුජා කිරීම පරාජයට බොහෝ හේතු වූ බව ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු BBCයට පැවසුවාය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ බර්මින්හැම්හි අගෝස්තු 04 වැනිදා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ B කාණ්ඩයට ක්‍රීඩා කළ අතර T20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකිවුයේ ලකුණු 46ක් පමණි.

එය කාන්තා කණ්ඩායම T 20 තරගයකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වේ.

දකුණු අප්‍රිකාව 49-0 (බ්‍රිට්ස් 21*, බොෂ් 20*) කඩුළු 10කින් ශ්‍රී ලංකාව ලකුණු 46 කට (අතපත්තු 15, ද ක්ලර්ක් 3-7) පරාජය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ කණ්ඩායම් තරග තුනේදීම පරාජයන් ලබා පිතිකරණයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පහළම ස්ථානයේ රැඳී සිටියි.