ශ්‍රී ලංකාව: පැන ගිය ගෝඨාභය රාජපක්ෂ, අරගලය සහ වත්මන් අර්බුදය

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව: පැන ගිය ගෝඨාභය රාජපක්ෂ, අරගලය සහ වත්මන් අර්බුදය
Published

හමුදා ගුවන් යානයකින් මාලදිවයින වෙත පැන ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ, මාලදිවයිනේ මාලේ අගනුවර සිට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඒ , මාලදිවයිනේ වේලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට සිංගප්පූරුව බලා අද උදෑසන පිටත් වූ සෞදි අරාබි ගුවන් සේවයට අයත් SV788 දරන යානයෙනි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු දැන් වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දී සිටින රනිල් වික්‍රමසිංහට වහා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස අරගලකරුවෝ දිගින් දිගටම බල කරති.

ශ්‍රී ලංකාව තුළ මෙවෙනි තත්ත්වයක් ඇති වුනේ කෙසේද?