හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ ..ආර්ථික තත්ත්වය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ ..ආර්ථික තත්ත්වය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්
Published

තමා භාර ගත්තේ භයානක අභියෝගයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන අද (මැයි 16) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය කියා සිටියේ රටේ පෙට්‍රල් තොග ඇත්තේ එක් දිනකට ප්‍රමාණවත් තරම් බවයි.

2022 සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කරන බවත්, දැවැන්ත අලාභයක් ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට යෝජනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.