ආර්ථික අර්බුදය: රජයගත් ඓතිහාසික වැරදි තීන්දුවක් ගැන මුදල් ඇමති පාර්ලිමේන්තුවට හෙළිකරයි
Published
බදු ප්‍රතිශතය වැඩි කළ යුතු අවස්ථාවක එය අඩු කරමින් වත්මන් රජය ඓතිහාසික වැරදි තීන්දුවක් ගත බව තමන් පිළිගන්න බව මුදල් අමාත්‍ය අලි සබ්රි අද (මැයි 04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රටේ වත්මන් මූල්‍ය තත්ත්වය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කළ සාකච්ඡාවල ප්‍රගතිය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පවතින දේශපාලන අර්බුදය කෙටි කලකින් විසඳා ගත හැකි වුව ද කවුරු බලයට පැමිණිය ද ආර්ථික අර්බුදය විසඳීම පහසු නොවන බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.



