ආසියාවේ රැජිණ (Queen of Asia) ලෙස නම් කළ 'ලෝකයේ ලොකුම' කොරන්ඩම් මැණික' බලංගොඩින් සොයා ගැනේ

වීඩියෝ ශීර්ෂ වැකිය, 'ලෝකයේ ලොකුම' කොරන්ඩම් මැණික බලංගොඩින් සොයා ගැනේ
Published

ආසියාවේ රැජිණ (Queen of Asia) ලෙස නම් කළ කිලෝග්‍රෑම් 310ක් බර කොරන්ඩම් (corundum) මැණිකක් රත්නපුර, බලංගොඩ ප්‍රදේශයෙන් හමුවී තිබේ.

එය මෙතෙක් ලෝකයේ හමුවූ විශාලම තනි ස්වභාවික කොරන්ඩම් මැණික විය හැකි බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ බීබීසීයට පැවසුවේය.

ආරක්‍ෂිත ස්ථානයක තැන්පත් කර ඇති මෙම මැණික අද (දෙසැම්බර් 12) ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණි.

'මිණි පුරය' ලෙස හැඳින්වෙන රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පිහිටි මැණික් පතලකින් මෙම ගල හමු වූ බව මැණික් ව්‍යාපාරිකයෙකු පැවසීය.