විනෝද චාරිකා සඳහා බදුල්ලට නොඑන ලෙස දිස්ත්‍රික් ලේකම්වරිය ජනතාවගෙන් ඉල්ලයි

වීඩියෝ ශීර්ෂ වැකිය, විනෝද චාරිකා සඳහා බදුල්ලට නොඑන ලෙස දිස්ත්‍රික් ලේකම්වරිය ජනතාවගෙන් ඉල්ලයි
Published

බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යෑමෙන් පවුල් 477කට අයත් පුද්ගලයින් 1912 පීඩාවට පත්ව සිටින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම පැවසුවාය.

පුද්ගලයෙකු මියගොස් තිබේ. දැනට ලැබී ඇති වාර්තාවන්ට අනුව හානියට පත් නිවාස සංඛ්‍යාව 364කි.

දෙමෝදර ස්ථාපිත කර ඇති වර්ෂා මානයේ දත්තවලට අනුව ඔක්තෝම්බර් 29 වැනිදා මිලී මීටර් 192ක වර්ෂාපතනයක් ලැබී ඇත.

මෙම කාලසීමාව තුළ විනෝද චාරිකා සඳහා නොපැමිණෙන ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.