අලි නිදහස් කිරීම: නඩු භාණ්ඩ ලෙස පින්නවල සිටි 'අලි බබාලා' නැවත භාර දෙයි
Published
නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි අලි පැටවුන් 13 දෙනෙකු ඔවුන් සන්තකයේ තබාගෙන සිටි අයට නැවත භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර තිබුණා.
ඒ අනුව පින්නවල සිටි අලි හත් දෙනෙකු දිවා රෑ නොබලා මේ වන විට මුදාහැර තිබෙනවා.
මේ පිළිබඳ නඩු කටයුතු ඉදිරියට පවත්වා ගෙන නොයෑම ගැන පරිසරවේදීන් විරෝධය පළ කර තිබෙනවා.
