ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කරුවන්ගේ අනාගතය: "නව නිපයුමකට වෙළඳපොළට එන්න ජාතික ප්‍රතිපත්තියක් නැහැ"

වීඩියෝ ශීර්ෂ වැකිය, නව නිපයුමකට වෙළඳපොළට එන්න අපහසුයි
Published

වසර තිස් පහකට ආසන්න කාලයක් රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කර ඇති සරත් විමලසූරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි.

පසුගිය මාස කීපය ඇතුළත දුම්රියේ ගැටී වන අලි දස දෙනෙකුට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර වන අලි දුම්රියේ ගැටීමෙන් වැළක්වීම සඳහා තමන් අලුතින් උපාංගයක් නිපදවා ඇති බව වෛද්‍ය සරත් විමලසූරිය පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින ඇතැම් ගැටලුවලට පිළියම් යෙදීම සඳහා තමා වැනි නිපැයුම්කරුවන් විසින් නව නිර්මාණ බිහි කරනු ලැබුව ද ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට හෝ දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවට ඔහු චෝදනා කරයි.