අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත ගැන හිටපු ජනපති

වීඩියෝ ශීර්ෂ වැකිය, අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත ගැන හිටපු ජනපති
Published

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා වූ පනතට ඒකාබද්ධ විපක්ෂය සිය විරෝධය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පනත "අතුරුදහන් වූවන්ගේ නම භාවිත කරමින් රණවිරුවන් යුධ අධිකරණයට ගෙනයාමේ වැඩපිළිවෙලක්," බව කොළඹ අභයාරාම විහාරස්ථානයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.