ගංවතුර මැද උඩු ගුවනේදී දරු උපතක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
කලවාන ප්‍රදේශයේ සිට රත්නපුර වෙත ගුවනින් රැගෙන යමින් සිටි ගැබිණි මවක් හෙලිකොප්ටර් යානය තුළ දීම දරුවා බිහි කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
දරු ප්‍රසූතිය සිදු වී ඇත්තේ ගැබිණි මව කලවාන රෝහලේ සිට රත්නපුර මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදීය.
කෙසේ නමුත් අඩු වයසින් බිහි වූ දරුවා මිය ගොස් ඇති බව වාර්තා වේ.























