ජයලලිතා හය වන වරටත් තමිල්නාඩු මහ ඇමති ධුරයට

ජයලලිතා හය වන වරටත් තමිල්නාඩු මහ අමාත්‍ය ධුරයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පහසු ජයක් ලැබීමට ඇයගේ 'AIADMK' පක්ෂය සමත් විය
Published

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජය ලැබූ ජයරාම් ජයලලිතා හය වන වරට ප්‍රාන්ත මහ ඇමතිවරිය වශයෙන් දිවුරුම් දී තිබේ.

චෙන්නායි නුවර පැවති දිවුරුම් දීමේ උත්සවයට පැමිණි ඇය පිළිගැනීම සඳහා පාක්ෂිකයන් දහස් ගණනක් මග දෙපස පෙළ ගැසී සිටියහ.

තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් පත් කර ගැනීම සඳහා පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පහසු ජයක් ලැබීමට ඇයගේ 'AIADMK' පක්ෂය සමත් විය.

'DMK' පක්ෂයේ නායක අනූ තුන් හැවිරිදි මුතුවේල් කරුණානිදි ඇයගේ ප්‍රතිවාදියා ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටියේය.

වසර තිහක් පුරා හිටපු සිනමා නිළි ජයරාම් ජයලලිතා දකුණු ඉන්දීය දේශපාලනයේ මුල් පෙළ කටයුතු කරමින් සිටියි.