වර්ෂාව මැද්දේ අරණායක මෙහෙයුම් දිගටම

වීඩියෝ ශීර්ෂ වැකිය, අරණායක මෙහෙයුම් දිගටම
Published

පවතින අධික වර්ෂාව මධ්‍යයේ අරණායක නායයාමෙන් මියගියවුන්ගේ මළ සිරුරු සෙවීමේ කටයුතු යුධ හමුදාව විසින් සිදුකෙරෙමින් පවතී.

විපතට පත් ප්‍රදේශය නැරඹීමට පැමිණෙන්නන් හේතුවෙන් මෙහෙයුම් කටයුතු වලටද බාධා එල්ලවී ඇති බවයි දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මීට මොහොතකට පෙර සංදේශයේ පවිත්‍රා පෙරේරාට පැවසුවේ.

අරණායක නාය යෑමට ගොදුරු වූ ප්‍රදේශයේ සිටි බවට විශ්වාස කෙරෙන එකසිය තිස් හතර දෙනකු පිළිබඳ තොරතුරු තවමත් ලැබී නොමැති බවයි දැන් එම ස්ථානයට ගොස් සිටින සංදේශය වාර්තාකරු අසාම් අමීන් පවසන්නේ.