T20 ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා ගැන FCID පරීක්ෂණ
Published

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් දාහතර දෙනකුගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පාලක කමිටුව විසින් නම් කරනු ලැබ තිබේ.

පළමු විස්සයි විස්ස තරඟය සැප්තැම්බර් 06 වනදා මහනුවරදී පැවැත්වීමට නියමිත අතර දෙවන තරඟය සැප්තැම්බර් 09 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම් කොට ඇති ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව:

01. කුසල් ජනිත් පෙරේරා

02. තිලකරත්න ඩිල්ෂාන්

03. දිනේෂ් චන්දිමාල් - නායක

04. ධනංජය ද සිල්වා

05. චාමර කපුගෙදර

06. මලින්ද සිරිවර්ධන

07. කුසල් මෙන්ඩිස්

08. සීක්කුගේ ප්‍රසන්න

09. සචිත්‍ර සේනානායක

10. සුරංග ලක්මාල්

11. තිසර පෙරේරා

12. සචිත් පතිරණ

13. කසුන් රාජිත

14. දසුන් ශානක