කාබුල් ප්‍රහාරය: 'මගේ පුතා කොහෙද කියලා මම දන්නේ නැහැ'
කාබුල් ප්‍රහාරය: 'මගේ පුතා කොහෙද කියලා මම දන්නේ නැහැ'
Published
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව BBCයට වාර්තා වේ. ඇතැම් මළ සිරුරු හඳුනාගත නොහැකි බව කාබුල් අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පැවසීය. තාලිබාන් රජයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ය. පකිස්ථානයේ තොරතුරු අමාත්‍යාංශය පවසා ඇත්තේ, තම ගුවන් ප්‍රහාර "නිවැරදිව සහ ප්‍රවේශමෙන් සිදු කරන ලද අතර කිසිදු අමතර හානියක් සිදු නොවන බව සහතික කරන" බව ය.



