ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබේ හිටපු පෙම්වතාගේ, පෙම්වතියගේ නමින් කැරපොත්තෙකු නම් කරන්න ඔබ කැමතිද ?
Published
එක්සත් ජනපදයේ එක්තරා සත්ත්වෝද්‍යානයක් වැලන්ටයින් දිනය සඳහා නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත්කර ඇත: ඒ, එහි සතුන්ට කෑමට දෙන කැරපොත්තෙකු ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම්කිරීමට ඉඩකඩ සැලසීම යි.
එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ සත්ත්වෝද්‍යානය සඳහා ඔන්ලයින් මාර්ගයෙන් අරමුදල් රැස් කිරීම සඳහා ඇරඹි මෙම ව්‍යාපාරය වෛරල්වී ඇති අතර, රටවල් 30ක පුද්ගලයින් ඔවුන් අප්‍රිය කරන අතීත පෙම්වතුන්ගේ, පෙම්වතියන්ගේ නම් මේ සඳහා ඉදිරිපත්කර ඇත.