ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් එකොළහක් මරුට
Published
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ප්‍රධාන වෙළඳපොළ ආසන්නයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් එකොළොස් දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.
ප්‍රහාරය සඳහා බෝම්බ සවි කළ මෝටර් රථයක් යොදා ගෙන ඇතැයි විශ්වාස කෙරේ.
බෝම්බ ප්‍රහාරයට හසු වී පනහකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
තමන් විසින් ප්‍රහාරය එල්ල කළ බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නිවේදනය කළේය.
මෝසුල් නගරයෙන් අයිඑස් කැරලිකරුවන් පළවා හැරීම සඳහා ඉරාක ආණ්ඩුව මෙහෙයුම් ආරම්භ කොට තිබේ.
ඒ සමග අයිඑස් කැරලිකරුවන් විසින් සාමාන්‍ය වැසියන් ඉලක්ක කොට සිදු කරනු ලබන ප්‍රහාර ද ඉහළ නංවා ඇත.