බංග්ලාදේශ් සුළු ආගමිකයන්ට අගමැතිනියගෙන් සහතිකයක්

Published

රට පුරා සුළු ජන කොටස් සහ අනාගමික පුරවැසියන් ඉලක්ක කොට සිදු කෙරෙන ඝාතන නැවත්වීම සඳහා සිය ආණ්ඩුව හැකි උපරිම පියවර ගන්නා බව බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසිනා පවසයි.

අග්‍රාමාත්‍යවරිය ඒ බව කියා සිටියේ බංගලාදේශයේ ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කර ගනිමින් පොලිස් මෙහෙයුමක් දියත් කොට දිනකට පසුවයි.

බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ ඉහත කී මෙහෙයුම දියත් කොට ඇති අතර මේ දක්වා සැකකරුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව බලධාරීහු ප්‍රකාශ කරති.

කෙසේ වෙතත් ඒ අතර සාමාන්‍ය අපරාධකරුවන්ද සිටින බවයි පැවසෙන්නේ.

දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කිරීම සඳහා ඉහත කී පොලිස් මෙහෙයුම යොදා ගන්නා බවට විපක්ෂය නියෝජනය කරන බංගලාදේශ ජාතික පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.