ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පළාත් පාලන මැතිවරණය 2023 :ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මොකද වුණේ ?
Published
පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි රජයට බල කරමින් ජාතික ජන බලවේගය සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය අද (පෙබරවාරි 26 වැනිදා ) කොළඹ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.
"ඡන්දය නවතා ප්‍රජාතන්ත්‍රවාදය වැළැක්වීමේ ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදවමු" යන සටන් පාඨය මුල් කරගෙන මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද එම අවස්ථාවට සහභාගී විය.
මෙම විරෝධතාවයට එරෙහිව පොලීසිය අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබිණි.