ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආසියානු කුසලානය : අභිමානයේ සතුට විඳින්න මග දෙපස ජන ගඟක්
Published
ආසියානු ක්‍රිකට් කුසලානය සහ ආසියානු නෙට්බෝල් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ සිට ඔවුන් කොළඹට පැමිණෙන මග දෙපස විශාල පිරිසක් රැස්ව ප්‍රීති ඝෝෂා කළහ.ආර්ථික අර්බුදය හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ මාස ගණනාවක සිට දැඩි ලෙස පීඩා විඳින ශ්‍රී ලාංකික ජනයාට මෙම ජයග්‍රහණය මහත් අස්වැසිල්ලක්ව තිබේ.ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනාගත් හයවන අවස්ථාව මෙය සේම නෙට්බෝල් කණ්ඩායම ද ආසියානු නෙට්බෝල් ශුරතාවය දිනාගත් හයවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.