ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවට ඉන්ධන නැව් එන කාල සටහන අගමැති කියයි. පෙට්‍රල් බෙදන්න තව දින දෙකක් ගතවෙයි.
Published
අද සහ ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි නැව් දෙකත් සමග ජුනි මැද දක්වා ප්‍රමාණවත් පෙට්‍රල් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
එහෙත් පවතින පෙට්‍රල් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීමට තවත් දින දෙකක් ගතවේ. එබැවින් පෙට්‍රල් ලබා ගැනීම සඳහා අද දිනයේ පෝලිම්වල සිටීමෙන් වලකින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉන්ධන නැව් පැමිණෙන දින ගැන අග්‍රමාත්‍යවරයා අද පර්ලිමෙන්තුව දැනුවත් කරන ලදී.