ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තමන්ට බහුතරය ඇති අතර 'ගෝඨා ගෝ ගම'ට අත නොතබන බව නව අගමැති රනිල් කියයි
Published
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව අද (මැයි 12) නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ පවසයි.
නව කැබිනට් මණ්ඩලය පත් කිරීම හෙට දිනයේ සිදු නොවන අතර තමන් 'ගෝඨා ගෝ ගම'ට අත නොතබන බව ද පැවසුවේය.
අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ආශීර්වාද ලබා ගැනීම සඳහා කොළඹ, කොල්ලුපිටිය වාළුකාරාමයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළ කරන ලදී.