පොහොර අර්බුදය ; 'ගිය කන්නයේ වී මිටි 180යි. මේ වතාවේ 60යි.''

Published

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට රජය ගත තීරණයත් සමග ගුණාත්මක බැවින් යුත් කාබනික පොහොර නිසි පරිදි නොලැබීම නිසා අස්වැන්න අඩු වූ බවට බොහෝ ගොවීහු පවසති.

පසුගිය කන්නයේ වී මිටි 180 ක අස්ස්වන්නක් ලබා ගත්ත ද මෙවර එය වී මිටි 60 දක්වා අඩුවී ඇතැයි කැබිතිගෝල්ලෑවේ ගෙවිලියක බීබීසීයට පැවසුවාය.

ඔවුන් පවසන්නේ ණය මුදල් ගෙවූ පසු තමන්ට කිසිඳු මුදලක් ඉතිරි නොවන බවයි.