ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අනුරාධපුර රාජධානිය : ''වැසිකිළියක් නෑ. අපි තවම යන්නේ කැලයට''
Published
අනුරාධපුරය දිස්ත්‍රික්කයට අයත් තිරප්පනේ, ඉඟිනියාගම ගම්මානයේ ජනතාව ජලය, විදුලිය, වැසිකිළි හෝ වෙනත් මූලික අවශ්‍යතා නොමැතිව පීඩා විඳිති.
තමන්ට වැසිකිළියක් හෝ සදා ගැනීමට උපකාර කරන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලති.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවේ මේ ගමට විදුලිය ලබා දීම සඳහා දැනටමත් මැනුම් කටයුතු සිදුකර ඇති බවයි.
රජයේ මැදිහත්වීමෙන් එක් නිවසක් සහ වැසිකිළි තුනක් සෑදීමට උපකාර කර ඇති අතර අනෙකුත් පහසුකම් ලබා දීමට ඉදිරියේදී ක්‍රියා කරන බව ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරත් පැවසුවාය.