ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘නූලෙන්’ රැකුණු කෙනරක්
Published
දඩයක්කරුවන් ඇටවූ ‘හක්ක පටස්’ උගුලකට හසුවී දිවි ගලවාගත් කෙනර පැටවකු සුවය ලබමින් සිටින්නීය.
අනුරාධපුර කහටගස්දිගිලිය රක්ෂිතයේදී එම කෙනර පැටවා අනතුරට ලක්විණි.
දින හතරකට ඉහතදී වනජීවී නිලධාරීන් විසින් ගිරිතලේ වනජීවී රෝහල වෙත ගෙනෙනු ලබද්දී අසාධ්‍ය තත්වයේ පසුවූ එම සත්වයා මෙතෙක් කරන ලද ප්‍රතිකාර හේතුවෙන් තරමක සුවය ලබා සිටී.
‘හක්ක පටස්’ පිපිරීම හේතුවෙන් කෙනර පැටවාගේ හණුවට හානි සිදු වී තිබු අතර, සම්පුර්ණ සුවය ලැබීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව පශු වෛද්‍යවරු පවසති.