ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ප්‍රගීත් වෙනුවෙන් ඉටිපන්දමක් තියන්නවත් තැනක් නැහැ"
Published
අතුරුදහන් වූ සිය සැමියා අනුස්මරණය කිරීමට ඇති අයිතියත් තමන්ට අහිමි වී ඇති බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.
පසුගිය පාලන සමයේ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නැති බව ඇය කියා සිටියේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට අට වසරක් ගතවීම නිමිත්තෙන් පැවති ගුණසමරු උත්සවයට සහභාගී වෙමිනි.
"ලසන්තව සිහි කරන්න, ඉටි පන්දමක් පත්තු කරන්න, මලක් තියන්න තැනක් තියෙනවා. ප්‍රගීත් වෙනුවෙන් ඒ මල, ඉටි පන්දම තියන්නේ කොහෙද කියල මම දන්නේ නැහැ," ඇය සඳහන් කළාය.