ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර් 2022: මතභේදයන් රැසකින් ඇරඹි අවසානයේ මෙසී කිරුළු පැළඳි ලෝක කුසලානය
Published
මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාව දුටුවේ ය.
කම්පනයන් සහ කැළඹීම්වලින් පිරි පළමු වටයේ සිට මෙතෙක් පැවති විශිෂ්ටතම අවසන් මහා තරගය දක්වා පැමිණ, අවසානයේ ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවනු දුටු මෙම තරගාවලිය ලෝක ක්‍රීඩා ඉතිහාසයට එක්වනු ඇත.