BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර හතර බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය විත්තිකරුට බරපතල වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය විසින් නියම කරන ලදි.
වීඩියෝ, මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගු බවට වාර්තා වන සිද්ධිය ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ප්‍රශ්න කෙරේ, ධාවන කාලය 8,33
පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම මන්ත්‍රිනී සංසදයේදී දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇති බවට බීබීසී සිංහල සේවය පළ කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අද (ජූනි 09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කෙරිණි.
බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?
පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇති බවට බීබීසීයට විශ්වසනීය මූලාශ්‍රයකින් තොරතුරු ලැබී තිබේ.
T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: පන්දු 128කදී ලකුණු 417ක් රැස් කළ විශ්මි
වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් බාලිකා සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ තරගයක ඉනිමකදී ක්‍රීඩිකාවක රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට විශ්මි එහිදී සමත් වූවා ය. පොළොන්නරුව, ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය සමග පැවති සුපිරි කණ්ඩායම් 16 තරග වටයේදී ඇය පන්දු 128කදී ලකුණු 417ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටවූවා ය.
වීඩියෝ, සෙනෙහසේ කැදැල්ලේ ගින්න: රැකවරණ ලාභීන්ට දම්වැල් දමා තිබීම ගැන පාලිකාව BBCයට කතා කරයි, ධාවන කාලය 5,58
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ සෙනෙහසේ කැදැල්ල නමැති රැකවරණ මධ්‍යස්ථානය ගිනි ගන්නා අවස්ථාවේදී එහි සිටි පිරිස අතරින් කිහිප දෙනෙකු දම්වැල් දමා බැඳ සිටි බැවින් ඔවුන් බේරා ගැනීමට නොහැකි වූ බව ඒ සඳහා ඉදිරිපත් වූ අය පැවසූ අතර එය සමාජයේ දැඩි සංවාදයට ද ලක් විය. ඒත් සමග එම ආයතනයේ ප්‍රමිතිය, අරමුණු සහ රැකවරණය ලැබූ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබූ ක්‍රියාමාර්ග ගැන බොහෝ විවේචන එල්ල විය. මේ සම්බන්ධයෙන් සෙනෙහසේ කැදැල්ලේ පාලිකාව වූ ඉන්දුනී ඒකනායක සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් පී.එල්.ජී. ගීතිකා බීබීසීය වෙත අදහස් පළ කළහ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
Exclusive: ප්‍රමාදයට හේතු සොයා සාගරිකා දුම්රියෙන් බෙලිඅත්තේ සිට කොළඹ කොටුවට බීබීසීය ගිය ගමන
ප්‍රමාදයන් ගැන නිතර අසන්නට ලැබෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදය නිසා මගීන්ට විඳීමට සිදුව ඇති දුෂ්කරතා ගැන සොයා බැලීම සඳහා මැයි (25 වැනි සඳුදා) බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රියෙන් අපි කොළඹ කොටුව දක්වා පැමිණියෙමු.
ශ්‍රී මහ බෝධියේ වැලි මළුවේ ටෙරාකොටා ඇතිරීම: 'ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණි ම වෘක්ෂය අවදානමක'
ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති, ශ්‍රී ලංකාවට ජාතික උරුමයක් වශයෙන් ද වැදගත් වන අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය වටා කරන ලද ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බෝධියේ ජීවයට බලපෑම් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ.
ඉන්ධන අර්බුදයට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ප්‍රමාණවත් ද? සෙසු රටවල් ගෙන ඇති පියවර මොනවා ද?
අනිසි ලෙස ඉන්ධන රැස් කිරීම වැළැක්වීම, පරිභෝජනය අඩු කිරීම සහ ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා රජය ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට, පෙර පැවති QR කේත ක්‍රමය යළිත් ආරම්භ කළ අතර, ඊට අමතරව වාහන අංක අනුව ඔත්තේ - ඉරට්ටේ දින අනුව ඉන්ධන ලබා දීමට කටයුතු කළේ ය. තවමත් එම ක්‍රමවේද ක්‍රියාත්මක වුව ද ඒවා නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන අවස්ථා පිළිබඳව ද නිරන්තරයෙන් වාර්තා වේ.
වසර ගණනකට පසු කරළියට ආ ජාතික කලාභවනේ සිතුවම් 42ක් අතුරුදන් වීමේ සිද්ධිය: දැන් සිදුවන්නේ කුමක් ද?
දශකයකට වැඩි කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබෙන ජාතික කලාභවන සතු පෞරාණික චිත්‍ර කිහිපයක් අතුරුදන්ව ඇතැයි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අනාවරණය කළේ ය. ජාතික කලාභවන සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මැයි 21 වන දා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඒ බව පැවසීය.
වාහන අධිභාරය ගැන ජනපතිගේ ගැසට් පත්‍රය නිකුත් වීමට පෙර ව්‍යාපාරිකයින් අතට තොරතුරු ලැබුණා ද?
මැයි 15 වන දා, එනම්, අධිභාරය ක්‍රියාත්මක වීමට පෙර දින වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බව නිරෝෂන් පාදුක්ක පැවසීය. ඔහු චෝදනා කළේ, වාහන ආනයනකරුවන් දෙදෙනෙකු ණයවර ලිපි 3500ක් සහ 500ක් බැගින් විවෘත කර ඇති බව වාර්තා වන බව ය. ඒ අනුව, එම ව්‍යාපාරිකයින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර බද්ද සම්බන්ධ තොරතුරු ලබා දීමෙන් අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීමක් සිදු කර ඇති බවට ඔහු චෝදනා කළේ ය.



















































