ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිය ගණනක් රෝහින්ග්‍යා සරණාගතයින් ඉන්දුනීසියාවට ගොඩ බසියි- UNHCR
සිය ගණනක් රෝහින්ග්‍යා සරණාගතයින් ඉන්දුනීසියාවට ගොඩ බසියි- UNHCR
Published
රෝහින්ග්‍යා සරණාගතයින් 800කට වැඩි පිරිසක් රැගත් බෝට්ටු අවම වශයෙන් පහක්, ඉන්දුනීසියාවේ අචේ පළාතේ වෙරළාසන්නයට යාත්‍රාකර ඇතැ යි, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.
2017 දී මියන්මාරය මේ සුළුතර ජන කණ්ඩායමට එරෙහිව හමුදාමය මර්දනයක් දියත් කිරීමෙන් පසු ඉන්දුනීසියාවට පැමිණි විශාලතම රෝහින්ග්‍යා පිරිස මෙය යි.
ප්‍රදේශවාසීන් සරණාගතයින්ට ආහාර පාර්සල් ලබාදී ඇති නමුත්, ඊට වැඩි උපකාරයක් ලබාදීමට නොහැකි තරම් ඔවුන්ගේ ධාරිතාව ඉක්මවාගොස් ඇතැ යි පවසයි.