'අප්පච්චිට හොරෙන් අම්මා මහලා දීපු රේසින් සූට් එකත් අරගෙන තලෙයිමන්නාරමෙන් මද්‍රාස්වලට ගියේ' - ඩිලන්ත මාලගමුව

'අප්පච්චිට හොරෙන් අම්මා මහලා දීපු රේසින් සූට් එකත් අරගෙන තලෙයිමන්නාරමෙන් මද්‍රාස්වලට ගියේ' - ඩිලන්ත මාලගමුව
Published

වයස අවුරුදු 14දී හොලිවුඩ් චිත්‍රපටයක් වන 'Silver Dream Racer' චිත්‍රපටයෙන් පන්නරය ලැබූ ඩිලන්ත, Honda CB50JX යතුරුපැදියක් සමඟ සිය වෘත්තීයමය යතුරුපැදි ධාවන තරගවල ගමන ආරම්භ කළේය.

ඔහුගේ මවට ඔහුව වෛද්‍යවරයෙකු කිරීමට අවශ්‍ය වුව ද, කුඩා වියේ සිටම ඔහු මෝටර් රථ හා යතුරු පැදිවලට ඇළුම් කළේය.

වයස අවුරුදු 16දී, තමන් සතුව තිබූ Honda CB50JX යතුරුපැදිය සමඟ සිය පළමු යතුරුපැදි ධාවන තරගය ලෙස, කටුකුරුන්දේ පැවති යතුරුපැදි ධාවන තරගයකට සහභාගී වූ ඔහු, ඉන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

පළමු තරගය සහ පළමු ජයග්‍රහණයෙන් පසු, 50ccවලින් එහාට යා යුතු යැයි සිතාගත් ඩිලන්ත, තම සහෝදරියන් දෙදෙනාගේ සහාය ද ඇතිව, තම ගමන ආරම්භ කළ අයුරු මේ වීඩියෝවේ අප සමග බෙදා ගනියි.