ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනයේ වර්ධනය වන රූපලාවණ්‍ය සැත්කම් රැල්ල
චීනයේ වර්ධනය වන රූපලාවණ්‍ය සැත්කම් රැල්ල
Published
කලක් චීනයේ නොපිළිගත් දෙයක් ලෙස සැලකූ රූපලාවණ්‍ය සැත්කම්වල ජනප්‍රියත්වය පසුගිය දශකය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. හොඳ පෙනුමක් තිබීම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙයි මතය මේ දිනවල සමාජ මධ්‍යයේ බහුලව සංසරණය වෙයි.
මුහුණු පරිලෝකනය කිරීම වැනි AI ආශ්‍රිත පහසුකම් ඇති බොහෝ රූපලාවණ්‍ය යෙදුම් මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිත කරනු ලබන අතර, ඒ හේතුවෙන් රූපලාවණ්‍ය සැත්කම්වලට යොමු වීමේ ප්‍රවණතාව ද වැඩි වී ඇත.
නමුත් මෙලෙස වැඩි වී ඇති ඉල්ලුම, සුදුසුකම් ලත් වෘත්තිකයන් සහ බලපත්‍රලාභී සායනවල සාපේක්ෂව අඩුවක් ඇතිවීමට හේතු වී ඇත.